මොරොක්කෝවේ මරණ 2000 ඉක්මවයි

සිකුරාදා රාත්‍රියේ මොරොක්කෝවට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 2,000 ක් ඉක්මවා ගොස් අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි යැයි එරට බලධාරීන් කණස්සල්ල පළ කර තිබෙනවා.

ගල් පර්වත සහිත මාර්ග හරහා දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා දුෂ්කර ප්‍රදේශවලට ළඟා වීමට ගලවාගැනීම් කණ්ඩායම්වලට අධික වෙහෙසක් දැරීමට සිදුවීම තුළ මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවයි සඳහන් කෙරෙන්නේ.

රිච්ටර් මාපකයේ 6.8 ක ප්‍රභල භූමිකම්පාව වසර 120 කට පසු මොරොක්කෝවට බලපෑ විශාලතම භූමිකම්පාව වන අතර වාර්තා පවසන්නේ නගර සහ නගරවලින් පිටත වැඩිම හානියක් සිදු වුණා.

සෙනසුරාදා රාත්‍රියේ මොරොක්කෝවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වාර්තා කළේ භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 2,012 ක් මිය ගිය අතර, වැඩි වශයෙන් Marrakech හි සහ කම්පනය ආසන්නයේ පළාත් පහක පුද්ගලයින් ඊට අයත් බවයි.

අවම වශයෙන් තවත් පුද්ගලයින් 2,059 දෙනෙකු තුවාල ලබා ඇති අතර 1,404 කගේ තත්ත්වය බරපතල බව පැවසෙනවා.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!