රජයේ ඖෂධ ගබඩාවේ අක්ෂි කාච තොගත් අවසන්

ඇසේ සුද හේතුවෙන් පීඩා විදින දහස් ගණනකට පෙනීම ලබාදීම සඳහා භාවිත කරන ලද අක්ෂි කාච(Ocular lens) තොග ශ්‍රී ලංකාව සතුව ඇත්තේ මාසයකට පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර තිබෙනවා.

වාර්තා පවසන ආකාරයට අමාත්‍යාංශයේ ඔන්ලයින් දත්ත ගබඩාව වන වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) ‘ස්වස්තා’ හි සහ රෝහල්වල තොගවල දැක්වෙන්නේ ශූන්‍ය අගයකි.

ජාතික තොගද ඊයේ (9) සවස් වන විට ‘බිංදුවක්’ ලෙස වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කළේ රජයේ රෝහල් සඳහා ඇති අක්ෂි කාච තොගය “මාසයකට පමණ” ප්‍රමාණවත් බවයි.

කාච තොග අවසන් වී ඇති බවට වෛද්‍ය වෘත්තීය සමිති කිහිපයක් විසින් කරන ලද චෝදනා පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළා.

සෞඛ්‍ය ඇමැතිවරයා පවසන පරිදි, නව අක්ෂි කාච තොගයක් මිලදී ගැනීම සඳහා මේ සතියේ දී ප්‍රදානය කිරීමට ඉඩ ඇති ටෙන්ඩරයක් කැබිනට් ප්‍රසම්පාදන කමිටුවක් විසින් අවසන් කරමින් සිටිනවා.

නව තොගයක් ශ්‍රී ලංකාවට පැමිණීමට කොපමණ කාලයක් ගතවේදැයි විමසූ විට ඇමැතිවරයා කියාසිටියේ ටෙන්ඩරය ලැබුණු පසු ඇණවුම් කළ තොගයෙන් කොටසක් කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙන බවයි.

පසුගිය ජනවාරි මාසයේදී අක්ෂි කාච මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබියදීත් මෙම හිඟය නිර්මාණය වී ඇති බවයි පැවසෙන්නේ.

මාස අටක කාලයක් පුරා, සැපයුම්කරුවන් අතර ආරවුල්, නිලධාරිවාදය සහ වෙනත් මැදිහත්වීම් හේතුවෙන් කාච සැපයීම ප්‍රමාදවී ඇති බව පැවසෙනවා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...