යුක්තිය මෙහෙයුම නිසා මත්ද්‍රව්‍ය හිඟයක්.නැතුව ඉන්න බැරි අය සිංහල බෙහෙත් කඩවල් හොයා යන්න පටන් අරන්

යුක්තිය මෙහෙයුමේ මර්දනය ඔස්සේ මේ වන විට නිර්මාණය වී ඇති මත්ද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඇතැම් ඇබ්බැහි වූවන් විකල්ප ඖෂධ සෙවීමට පෙළඹී ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසා තිබෙනවා.

“මත්ද්‍රව්‍ය හිඟය නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඇතැම් පුද්ගලයන් දේශීය වෛද්‍ය ක්‍රමය තුළම ඇතැම් විකල්ප ඖෂධ වෙත යොමු වීමට හේතු වී ඇති බව ජයකොඩි මහතා පැවසුවේ පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකාව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා ගංජා භාවිතා කිරීමට අවසර දී ඇති රටකි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අමුද්‍රව්‍යවලට ගංජා ශාකයේ කොටස් කිහිපයක් මෙන්ම ශාකසාර ප්‍රතිකාරවන අබින් (Papaver somniferum Linn) ඇතුළත් වෙනවා.

ආයූර්වේද නිෂ්පාදන (සිංහල බෙහෙත්) අලෙවි කරන වෙළඳසැල්වල ඇති කවුන්ටරයෙන් ලබා ගත හැකි නිෂ්පාදනවලින් යම් උත්තේජනයක් ලබා දෙන බව පැහැදිලි කරුණක්.

‘යුක්තිය’ මෙහෙයුම හේතුවෙන් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට සහ පොලිස්පතිවරයාට ද ලිඛිත දැනුම්දීමක් කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කෙසේ වෙතත්, දේශීය ඖෂධ අඛණ්ඩව නිෂ්පාදනය කිරීම සඳහා ඉඩක් වෙන් කර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කළා.

ජයකොඩි මහතා පැවසුවේ පාරම්පරික වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු විසඳීමට සහ දේශීය වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කිරීමට විශේෂ ඒකකයක් ද පිහිටුවා ඇති බවයි.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!