රුසියාවේ කුලී හමුදාවට ගිය ලාංකිකයන් බේරා ගැනීම අසීරුයි – අලි සබ්‍රි

රුසියාවේ කුලී හමුදාවලට බැඳී තිබෙන ශ්‍රී ලාංකික පිරිස බේරා ගැනීම සඳහා හැකි තාක් උත්සහ කරන නමුත් එය ඉතා අසීරු කාර්යයක් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

රාජ්‍ය තාන්ත්‍රික මට්ට්මින් මෙම ප්‍රශ්ණය විසඳා ගැනීම සඳහා රුසියානු තානාපතිවරයා සමඟ මේ වන විටත් සාකච්ඡා පවත්වනු ලැබුව ද එම සාකච්ඡා එතරම්ම සාර්ථක නොවන බවයි ඔහු පවසන්නේ.

ඊට හේතුව එම පිරිස් රුසියානු යුද්ධයට ගොස් ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික පටිපාටිවලින් බැහැරව වීමයි.

කෙසේවෙතත් ශ්‍රී ලාංකික සෙබළුන් බේරා ගැනීම සඳහා සෑම උත්සහයක්ම දරන බව ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර කුලී හමුදාවලට ශ්‍රී ලංකාවෙන් විශ්‍රාමික සෙබළුන් බැඳීම සම්බන්ධව සංවේදීව මෙහෙයුම් සිදුවන බැවින් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිදරව් කළ නොහැකි බව රුසියාවේ මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා තිබෙනවා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!