රෝහල්ගතවන හැමෝම නැවත යහතින් එන්නේ නෑ.. රෝහල් ආසන්නයේ මල්ශාලා ඇත්තේ ඒ නිසා..

රෝගී වී පුද්ගලයන් ලක්ෂයක් රෝහලට ගියොත් ඒ සියලු දෙනාම නැවත යහතින් පැමිණෙන්නේ නැති බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

රෝහල් ආසන්නයේම මල්ශාලා පිහිටුවා ඇති ඒ නිසා බවද හෙතෙම පෙන්වා දෙයි.

යථාර්ය බවත් සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා ගැනීමට කිසිවකු උවමනා නම් එය වෙනම කතාවක් බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඖෂධ අර්බුදය ගැන පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ චෝදනාවලට පිළිතුරු සපයමිනි.

මහනුවර රෝහලේදී මරණයට පත් වූ දැරියට ලබාදී තිබු එන්නත දැනට වසර 20ක පමණ සිට ශ්‍රී ලංකාවට ගෙන එන බවද පැවසූ ඔහු එම එන්නත ලබා දුන් තවත් දරුවන් දොළොස් දෙනකු ඒ අවස්ථාවේදී ද දැරිය සිටි වාට්ටුවේ සිටි බවද කියා සිටියේය.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!