විනය බාර හිමිනම පාසලේ ගුරු විවේකාගාරයේ මත්වතුර බී පිස්සු නටයි

මහියංගන මැදයාය ප‍‍්‍රදේශයේ පාසලක විනය බාර හිමි නම හා ගුරුවරු තිදෙනකු සාදයක් පවත්වා දැඩි ලෙස මත්ව සිටියදී සොයාගත් බව මහියංගන පොලිසිය පවසයි.

එම පාසලේ ගුරු විවේකාගාරය දෙසින් කුඩා දරුවකු කෑ ගසන හඬක් ඇසි ඇති අතර ඒ පිළිබඳව ප‍‍‍්‍රදේශවාසින් මහියංගන පොලිසියේ හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇත.

පොලිසිය ගම්වාසින් සමඟ පාසලේ ගුරු විවේකාගාරයට ගොස් පරීක්‍ෂාකර බලනවිට මොවුන් දැඩි ලෙස මත්වී  සිටිනු දැක ඇත. එම හිමිනම කුඩා දරුවෙකු මෙන් හඬමින් බිම වැටී සිට ඇත.

සිද්ධිය දුටු ප‍‍්‍රදේශවාසීන් බැන වදිමින් එම පිරිසට තඩි බෑමට තැත් කළ අවස්ථාවේදී පොලිසිය මැදිහත් වී එම උණුසුම් තත්ත්වය පාලනය කර, හිමිනම මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට කටයුතු කර ඇත.

එහිදී වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට ලක් වු හිමි නම ඒ වනවිටත් අඩු රුධිර පීඩනයෙ සිට ඇති අතර, කඩිනමින් රෝහල් ගත කිරිම හේතුවෙන් ජීවිත තර්ජනයෙන් මිදිමට හැකිව ඇත.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...