ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපළේ විශාල ගින්නක් හේතුවෙන් සියලුම ගුවන් ගමන් අවලංගු කරයි

විශාල ගින්නක් හේතුවෙන් එහි බහු මහල් රථගාලක් අර්ධ වශයෙන් කඩා වැටීමෙන් පසු ලන්ඩන් නුවර ලූටන් (Luton) ගුවන් තොටුපළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇතැයි වාර්තා වෙනවා.

ගිනි නිවන භටයින් හතර දෙනෙකු සහ ගුවන් තොටුපල කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා පවසන්නේ.

Bedfordshire ගිනි සහ ගලවා ගැනීමේ සේවාව විශාල සිදුවීමක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම ස්ථානයේ ගිනි නිවන රථ 15 ක් සහ ගුවන් උපකරණ නවත්වා ඇති බව සඳහන්.

Luton ගුවන්තොටුපළ X ඔස්සේ “අපගේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව අපගේ ප්‍රධාන ප්‍රමුඛතාවය ලෙස පවතී. එබැවින් අපි ඔක්තෝබර් 11 වන බදාදා දහවල් 12 දක්වා සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇතැයි” පවසා තිබෙනවා.

ප්‍රවේශය දැඩි ලෙස සීමා කර ඇති බැවින් මෙම අවස්ථාවේදී ගුවන් තොටුපළ වෙත ගමන් නොකරන ලෙස මගීන්ට උපදෙස් දී ඇති බව ද වැඩිදුරටත් සඳහන් වෙනවා.

වාහන නැවැත්වීමේ අනතුරු ඇඟවීම් සහ විශාල පිපිරුම් හඬක් ඇසුණු අතර සිද්ධිය ඇසින්දුටු සාක්ෂි කරුවකු පවසා ඇත්තේ රථගාලේ බිම හරහා ගින්න ඇදී ගිය වේගය “ඇදහිය නොහැකි” බවයි.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!