වෛද්‍යවරු හුස්ම ගනිමින් ඉන්න ජැක්සන්ගේ මැෂින් එක ඉවත් කළා – රන්ජන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා ජීවිතක්ෂයට පත් වූයේ තනිව හුස්ම ගැනීම පරීක්ෂා කිරීම සඳහා ඔහු වෙත ලබා දුන් ආධාරක ඉවත් කිරීමෙන් නිසා බව ඔහුගේ සිනමා දිවියේ සමීපතමයකු ලෙස සැලකෙන ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා පවසනවා.

ජැක්සන් ඇන්තනි සුව වෙමින් සිටි බවයි ඔහු පවසන්නේ.

පසුගිය කාල සීමාවේ තමා සිරගතව සිටිය දී මෙම අනතුර සිදුවීමට දින කිහිපයකට පෙර ඔහු ආහාර පාන ද රැගෙන තමාගේ සුවදුක් විමසීමට පැමිණි ආකාරයත් රන්ජන් මෙහි දී සිහිපත් කළා.

“ඔහුගේ මුහුරත් උළෙලක දී ඔහු මියයන්න පෙර මම ඔහු ගැන ගුණ කථනය ඔහුගේ මුහුණටම කළා. මං කිව්ව වීසා එක කලින් එන්නේ ඔයාට ද මටද දන්නෙ නෑ කියලා. ඔහුට කලින් ඇවිත් තියෙනවා. මගේ එකත් ඔන් ද වේ. ඔහු මගේ හොඳම මිත්‍රයා. අපි දෙන්නා තිස්ස අබේසේකරගේ පිටගම්කාරයෝ චිත්‍රපටයේ අයියටත් මල්ලිටත් රඟපෑවා.

මං සිරගත වෙලා ඉන්නකොට කිව්ව මට කෙහෙල් කොලේ ඔතපු බත් එකක් කන්න ආසයි කියලා. මේක දැනගෙන ඔහු ආව කෙහෙල් කොලේ බත් එකක් ඕතාගෙන මං කැමතිම ඌරු මස් හදාගෙන. ඒක තමයි ඔහුගේ විදිය. ජැක්සන් වෙනුවට ආයෙ කලාවට රිප්ලේස් එකක් නෑ. ඔහු හැබැයි ඔහු වගේම දක්ෂයින් තුන්දෙනෙක් මේ ක්ෂේත්‍රයට දායාද කරල යන්නේ.”

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...