වෙනත් පක්ෂවල මැයි දින දැකලා ජනපතිට සතුටු හිතෙයි

සෑම තැනකම මැයි රැළි පැවැත්වෙන බවත් බස් එන බවත් තමා වෙනස් කළේ මීට වසර දෙකකට පෙර බස් එකක් ගෙන ඒමට තෙල් ටිකක් නැතිවුණ ක්‍රමය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

තමා ඒකාධිපතියකු ලෙස හැඳින්වූ සියලු දෙනාට අද මැයි දිනය එලෙස සැමරීමට ලැබීමේ ප්‍රජාතන්ත්‍රවාදය හිමිවීම පිළිබඳ සතුටු වන බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බවද ඔහු මෙහි දී කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ වැළලීමට ගිය ආර්ථිකයට නව පණක් ලබා දුන් බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසළදී අද (01) පැවැත්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිතුමා,

”මම රහසක් කියන්නම්, දැනගන්න කැමතිද? ඩී.එස් සේනානායක අගමැතිතුමා හොඳම නැකත හෙව්වා එක්සත් ජාතික පක්ෂය හදන්න. සැප්තැම්බර් 09 වැනිදා. උදේ ගත්තේ නෑ හැන්දෑවේ රැස්වීම ගත්තේ. ඒ වගේම හොඳ වෙලාවක් ගත්තා ලංකාවට නිදහස ලබා දෙන්න. අනිත් එක හොදට මතක තියා ගන්න. ලංකාවේ හොඳම නැකැත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂයටයි. ඒකයි මේ වැටුණු රට අපිට උස්සන්න පුළුවන් වුනේ. මම අද එනකොට ප්‍රීතිමත් වුණා. මම එනකොට දැක්කා මරදාන හන්දියේ කටවුට් දාලා තියෙනවා. ජේවීපී තිබුනා, සමඟි ජන බලවේගයේ තිබුණා. මේ තියෙන්නේ ප්‍රජාතන්තවාදය”

Latest News

More like this

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...

තලෙයිබාන් ක්‍රමයට ඇමරිකාවට පණිවිඩයක්

තලෙයිබාන් සංවිධානය පාලනය කරනු ලබන ඇෆ්ගනිස්තානයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය...

ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමේ…

එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන් තොටුපළ නැවත දැනුම් දෙන...

2026 ජනවාරි 01වැනිදා සිට පාසල්වල නව පෙරළියක්

2026 ජනවාරි 01 දා සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය...
error: Content is protected !!