සැකකටයුතු ලෙස අනුරගේ ඡායාරූප ගත් බුද්ධි නිලධාරියකුට ජනතාවගෙන් ප්‍රහාරයක්

පසුගිය ජුලි 02 වැනි දා කුරුනෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේ පැවැති ජාතික ජන බලවේගයේ තරුණ රැළියේ දී අනුර කුමාර දිසානායක මහතාව සැක කටයුතු ආකාරයෙන් ඡායාරූප ගතකළ බුද්ධි අංශ පොලිස් නිලධාරියෙක්ට රැස්වීමේ සිටි ජනතාව විසින් පහර දී ඇතැයි වාර්තා වෙනවා.

පහර දීම් හමුවේ සිවිල් ඇඳුමින් සැරසී සිටි බුද්ධි අංශ නිලධාරියා ඡායාරූප ගැනීම පසෙක තබා දිව ගොස් පාරේ නවතා තිබූ ජීප් රථයක නැගී පලා ගොස් ඇති බව පැවසෙනවා.

අනුර කුමාර දිසානායක මහතා රැළියට පැමිණි රථය වේදිකාව අසලට ගමන් කරමින් සිටිය දී පිවිසුම් දොරටුව අසල මෙම නිලධාරියා සැක කටයුතු ආකාරයෙන් ඡායාරූප ගනිමින් සිට තිබෙනවා.

එහි දී ඒ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ අවට සිටි පිරිස් ඔහුට පහර දී ඇති බව සඳහන් වෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් කුරුනෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්න කොබ්බැහැර මහතා පවසා ඇත්තේ සිවිල් ඇඳුමෙන් ඡායාරූප ගන්නේ කවුද යන්න නොදැන අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට ඇති වූ සැකය මත ප්‍රශ්ණ කිරීමක් සිදුව ඇති බවත් ඔහු පොලිස් නිලධාරියකු බව පවසා සැකය දුරු කර දුන් බවයි.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!