සිනමා කැමරාව ඉදිරියේ ජැක්සන්ගේ අවසාන රංගන ජවනිකාව මෙන්න..

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ඊයේ (13) දිවි රඟමඩලෙන් සමුගෙන ගියා.
ගුරු ගෙදර, චිට්ටි, අයෝමා, ලොකු දුව, පුනරුත්පත්තිය, බව දුක, බව කර්ම, විසිදැල, තරණය, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නිදාහය, මිල්ලෙ සොයා, සූරිය අරණ, රන් දිය දහර, ගරිල්ලා මාකටින්, ධීවරී, ක්ෂේම භූමි, කුස පබා, ප්‍රවේගය, මහ රජ ගැමුණු, ඇහැළේපොළ කුමාරි හාමි, ඇඩ්‍රස් නෑ ආදී වූ ඔහුගේ අතිශය දීර්ඝ සිනමා නිර්මාණ ලැයිස්තුවේ අවසානය සනිටුහන් කළ නිර්මාණය වූයේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරන සිංහබාහු චිත්‍රපටයයි.

දෛවෝපගත ලෙස ඔහුට ජීවිතය අහිමි කළ දරුණු අනතුරට මුහුණ දීමට සිදුවූයේ එහි රූපගත කිරීමකට සහභාගී වී ඔහුගේ නවාතැන්පොළට යමින් සිටිය දීයි.

එදින රූගත කිරීම් අවසානයේ එම දර්ශන ඔහු බලාපොරොත්තු වූ ආකාරයටත් හොඳින් ලබා ගැනීමට හැකි වීම නිසා ඔහු අතිශය සතුටින් සිටි බව ද අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා පවසා තිබෙනවා.

ජැක්සන් නම් සිනමාවේ අති දක්ෂ රංගනවේදියා කැමරාව ඉදිරියේ අවසානවරට රඟ දැක්වූ ජවනිකාව මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කිරීමට එහි අධ්‍යක්ෂවරයා කටයුතු කර තිබෙනවා.

මේ එම දර්ශනයයි.

Latest News

More like this

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...

තලෙයිබාන් ක්‍රමයට ඇමරිකාවට පණිවිඩයක්

තලෙයිබාන් සංවිධානය පාලනය කරනු ලබන ඇෆ්ගනිස්තානයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය...

ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමේ…

එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන් තොටුපළ නැවත දැනුම් දෙන...

2026 ජනවාරි 01වැනිදා සිට පාසල්වල නව පෙරළියක්

2026 ජනවාරි 01 දා සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය...
error: Content is protected !!