සුදේව ගෙන් YouTube නාලිකාවක්

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි විසින් තම YouTube නාලිකාව මේ වන විට ජනගත කොට තිබේ.
Sudewa Hettiarachchi ලෙස නම් කොට ඇති මෙම YouTube නාලිකාවේ පූර්ව ප්‍රචාරක වීඩියොවේ දැක්වෙන අන්දමට සුදේව සූදානමින් සිටින්නේ මුහුණට මුහුණ සාකච්ඡාවන් සදහායි.

රංගන ද සිල්වා සමඟින් එක්ව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සම්මුඛ සාකච්ඡාවට ලක් කරමින් වසර දෙකකට පසු සුදේව යලි රූප මාධ්‍යයෙන් ප්‍රේක්ෂකයන් වෙත පැමිණියේය.

එම පියවර තව දුරටත් ඉදිරියට තබමින් ඔහුගේ නමින් එලිදක්වා ඇති YouTube නාලිකාව තුලින් ඔහුට සුපුරුදු කාලීන, දේශපාලන, විද්වත් සාකච්ඡා ඇතුළු විවිධ වැඩසටහන් මෙම YouTube නාලිකාව මගින් ප්‍රේක්ෂකයන් වෙත ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

ජාතික ගුවන් විදුලියේ ළමා ශිල්පියෙකු ලෙස ඇරඹි මාධ්‍ය දිවියේ, වෘත්තිමය මාධ්‍යවේදියෙකු ලෙස ගෙවුනු 25 වසර පුරා ඔහු ලද අත්දැකීම් එක් කොට මෙම YouTube නාලිකාව සකස් කරන බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!