සුදේව ගෙන් YouTube නාලිකාවක්

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි විසින් තම YouTube නාලිකාව මේ වන විට ජනගත කොට තිබේ.
Sudewa Hettiarachchi ලෙස නම් කොට ඇති මෙම YouTube නාලිකාවේ පූර්ව ප්‍රචාරක වීඩියොවේ දැක්වෙන අන්දමට සුදේව සූදානමින් සිටින්නේ මුහුණට මුහුණ සාකච්ඡාවන් සදහායි.

රංගන ද සිල්වා සමඟින් එක්ව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සම්මුඛ සාකච්ඡාවට ලක් කරමින් වසර දෙකකට පසු සුදේව යලි රූප මාධ්‍යයෙන් ප්‍රේක්ෂකයන් වෙත පැමිණියේය.

එම පියවර තව දුරටත් ඉදිරියට තබමින් ඔහුගේ නමින් එලිදක්වා ඇති YouTube නාලිකාව තුලින් ඔහුට සුපුරුදු කාලීන, දේශපාලන, විද්වත් සාකච්ඡා ඇතුළු විවිධ වැඩසටහන් මෙම YouTube නාලිකාව මගින් ප්‍රේක්ෂකයන් වෙත ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

ජාතික ගුවන් විදුලියේ ළමා ශිල්පියෙකු ලෙස ඇරඹි මාධ්‍ය දිවියේ, වෘත්තිමය මාධ්‍යවේදියෙකු ලෙස ගෙවුනු 25 වසර පුරා ඔහු ලද අත්දැකීම් එක් කොට මෙම YouTube නාලිකාව සකස් කරන බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...