හිටපු බ්‍රිතාන්‍ය අගමැති Port City ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ආයෝජන අමාත්‍යවරයා අදහස් දක්වයි

ශ්‍රී ලංකාවේ චීනය විසින් ඉදිකරන ලද වරාය නගරයේ ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 1.6 ක ආයෝජනයක් ආකර්ෂණය කර ගෙන ඇති අතර ආයෝජකයින් නීති සම්පාදනය අවසන් වන තෙක් බලා සිටින බව රාජ්‍ය ආයෝජන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා තිබෙනවා.

වරාය නගරය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් තෝරා ගැනීමෙන් පසු වරාය නගරය සඳහා ආකර්ශනය වැඩි වූ බව ඔහු පවසනවා.

මෙය භූමිය “සම්පූර්ණයෙන්ම චීන ව්‍යාපෘතියක් නොවන” බව ඔප්පු කිරීමේ උපායක්” විය හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

අනාගතය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනස් කරන්නා ලෙස හඳුන්වන කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමට කැමරන් ඉදිරිපත් වූ අතර එය ප්‍රවර්ධනය කිරීම සඳහා පසුගිය මාසයේ අබුඩාබි සහ ඩුබායි හි පැවති සංදර්ශන දෙකකට කැමරන් සහභාගී වුණා. ඔහු “දැන් ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට කාලයයි” මැයෙන් ඉදිරියේ දී පැවැත්වෙන සංවාදයකට ද සම්බන්ධ වීමට ද නියමිතයි.

වරාය නගරය ඉදිකරන ලද්දේ චයිනා හාබර් ඇන්ඩ් ඉංජිනියරින් සමාගමේ (CHEC) ආයෝජනයෙනි. එය CHEC Port City ලෙස නම් කර තිබෙනවා.

“එම ඉසව් මෙහෙයවනු ලැබුවේ CHEC Port City විසිනි. චීන් රජය ඩේවිඩ් කැමරන් තෝරා ගැනීමට කිසි ලෙසකින් හෝ සම්බන්ධ වුණේ නැහැ. ඔහු තෝරා ගත්තේ Port Ciry සමාගම විසිනි. ඔවුන් ඩේවිඩ් කැමරන්ව තෝරා ගත්තා,” යැයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයා ආයෝජන ප්‍රවර්ධනය සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

“මට හේතුව හිතාගන්න පුළුවන්. මම හිතන්නේ හැමෝම කිව්වේ මේක ලංකාවේ චයිනාටවුන් කියලා. ඉතින් චීනුන්ට ඕන මේක ලංකාවේ චයිනාටවුන් එකක් නෙවෙයි කියලා ඔප්පු කරන්න. එය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට අයත් ව්‍යාපෘතියක් වන අතර ඕනෑම කෙනෙකුට පැමිණ ආයෝජනය කළ හැකියි”

චීනය විසින් ගොඩනඟන ලද ඉඩම මුදල් විශුද්ධිකරණය සඳහා භාවිතා කළ හැකි බවට එක්සත් ජනපදය ඇතුළු රටවල විවේචන හේතුවෙන් Port City සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව අඩු මට්ටමක පැවැතුණා.

“මෙහෙයුම් නීති සම්පාදනය අවසන්. රෙගුලාසි කිහිපයක් පමණක් ගැසට් කිරීමට නියමිතයි. ඒ නිසා ඒ සඳහා උපරිම වශයෙන් තවත් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති” යැයි පැවසූ ඔහු, දැනටමත් පනවා ඇති නීති මගින් ආයෝජකයින්ට ව්‍යාපෘති ආරම්භ කළ හැකි බවද පැවසුවා.

හිමිකාරිත්වය කුමක් වුවත් ආයෝජකයින්ට ඉඩම් කැබැල්ල තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙන බවයි ඔහු පවසා ඇත්තේ.

“ආයෝජකයාට ඒක රජයේ ඉඩමද චීන සමාගම් ඉඩමද කියලා වැඩක් නැහැ. ඔවුන්ට කැමති ඉඩම ගැන සොයා බැලීමට හැකියාව තියෙනවා. ඒ නිසා ඉඩම් කට්ටි අයිතිය ගැන ප්‍රශ්නයක් නැහැ,”

“ඔවුන් ආයෝජනය කරන්නේ කුමක් වුවත්, එය ශ්‍රී ලංකාවට ආයෝජනයක් ලෙස සලකනු ලබනවා.”

වරාය ව්‍යාපෘතියේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 15ක් ආකර්ශනය කර ගැනීමට සැලසුම් කර ඇතත් රජයට තවමත් දළ ඇස්තමේන්තුවක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස 6ක සිර දඬුවමක්

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට බංගලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය...

ඇමරිකානු ගායක ෂෝන් ඩිඩී කෝම්බ්ස්ට වසර 20ක සිර දඬුවමක් නියම වන ලකුණු

ඇමරිකානු ගායකයෙකු වන ෂෝන් 'ඩිඩී' කෝම්බ්ස්ට එරෙහිව ගණිකා වෘත්තියට...
error: Content is protected !!