ක්‍රිස්, මහේල ඇතුළු ශ්‍රී ලංකා පුහුණුකරුවෝ මාසෙකට කෝටි හතරකට වැඩි වැටුපක් ගත් ආකාරය මෙන්න

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය රුපියල් කෝටි හතරක වැටුපක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ මාසික වැටුප ඇමෙරිකානු ඩොලර් 30,000ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් අනූ අට ලක්ෂය ඉක්මවයි.

පුහුණු උපදේශක මහේල ජයවර්ධනගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 20,000 ක් වන අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් හැටපන් ලක්ෂයකට අධිකය. සහකාර පුහුණුකරු නවීඩ් නවාස්ගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 14,000 ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් හතළිස් පන් ලක්ෂය ඉක්මවයි.

පන්දු යැවීමේ පුහුණුකරු ඇන්ටන් රූක්ස් සහ භෞතචිකිත්සක ක්‍රිස් ක්ලාක්ගේ වැටුප ඇමෙරිකානු ඩොලර් 8,000 බැගින් වන අතර එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් විසි ලක්ෂයකට අධිකය. රුපියල් විසිනව ලක්ෂයට අධික වැටුපක් ලබා ගන්නා ටිහාන් චන්ද්‍රමෝහන් නැමති භෞතචිකිත්සක වෛද්‍යවරයකු ද සිටින බව ද සඳහන් වේ.

එවැනි විශාල වැටුප් ලබන පුහුණු කාර්ය මණ්ඩලයක් සිටිය දීත් ජාතික ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීම බරපතල ගැටලුකාරී තත්ත්වයක් මතු කිරීමට හේතු වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් චෝදනා කරන්නේ එවැනි විශාල මාසික වැටුපක් ලබන පුහුණු කාර්ය මණ්ඩලය ලෝක කුසලාන තරගාවලියේ ලැබු අන්ත පරාජයේ වගකීම භාර ගත යුතු බවයි.

Latest News

More like this

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වන වාර්ෂික මහා සභා...

‘කෝලි’ දෙයියන්ගේ දෙපා නමස්කාර කර දවසක් හිරේට ගිය පකීරා

රිතුපාන්රෝ පකීරා (Rituparno Pakhira) යනු පසුගිය සෙනසුරාදා ඉන්දීය ප්‍රිමියලීග්...
error: Content is protected !!