LPL මිල අධිකම ක්‍රීඩකයා ලෙස මතීෂට වාර්තා ගත ඉල්ලුමක්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 තරගාවලිය සඳහා වන ක්‍රීඩකයින් වෙන්දේසිය ඊයේ (මැයි 21) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී ආරම්භ වුණා.

වට 18 කින් යුත් මෙවර ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා සහ විදේශීය ක්‍රීඩකයින් 420ක් සම්බන්ධ වුණා.

ඒ අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 154 දෙනෙකු ඇතුළත්ව සිටියා.

පළමුව පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයින්, කඩුලු රකින්නන්, වේග පන්දු යවන්නන්. දඟ පන්දු යවන්නන් වශයෙන් මෙන් ම යොවුන් ක්‍රීඩකයින් සඳහා ද වෙන්දේසියේදී වෙන් වෙන් වශයෙන් ලංසු තැබුණා.

එහිදී වැඩි මිලක් නියම වූයේ මතීෂ පතිරණටයි. ඔහු අලෙවි වූ මුදල අමෙරිකානු ඩොලර් 120,000කි.

ඒ අනුව, ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 තරගාවලිය සඳහා වන වෙන්දේසියේදී එක් එක ක්‍රීඩකයින් අලෙවි වූ ගණන් පහතින්.

මතීෂ පතිරණ – ඩොලර් 120,000යි – කොළඹ
පැතුම් නිස්සංක – ඩොලර් 40,000 – ජැෆ්නා
සොනාල් දිනූශ – ඩොලර් 6,000යි – දඹුල්ල
අරුල් ප්‍රාගසම් – ඩොලර් 5000යි – ජැෆ්නා
ජෙෆ්රි වැන්ඩසේ – ඩොලර් 30,000යි – ගාල්ල
චමිඳු විජේසිංහ – ඩොලර් 5,000යි – ගාල්ල
මුර්වින් අබිනාෂ් – ඩොලර් 5,000යි – ජැෆ්නා
මොහොමඩ් අලී – ඩොලර් 10,000යි – කැන්ඩි
මුජීබුර් රහමන් – ඩොලර් 50,000යි – ගාල්ල
අගා සල්මාන් – ඩොලර් 10,000යි – කැන්ඩි
අයන සිරිවර්ධන – ඩොලර් 5,000යි – දඹුල්ල
මිතුන් ජයවික්‍රම – ඩොලර් 5,000යි – දඹුල්ල
කවිඳු නදීශාන් – ඩොලර් 5,000යි – ගාල්ල
අසාම් ඛාන් – ඩොලර් 50,000යි – කැන්ඩි
රුසඳ ගමගේ – ඩොලර් 5,000යි – දඹුල්ල
ලහිරු මදුශංක – ඩොලර් 20,000යි – දඹුල්ල
අසේල ගුණරත්න – ඩොලර් 10,000යි – දඹුල්ල
සම්මු අශාන් – ඩොලර් 5,000යි – කැන්ඩි
පසිඳු සූරියබණ්ඩාර – ඩොලර් 5,000යි – ගාල්ල
වනුජ සහන් – ඩොලර් 10,000යි – ජැෆ්නා
ලක්ෂාන් සඳකැන් – ඩොලර් 20,000 – කැන්ඩි
කවිඳු පතිරණ – ඩොලර් 5,000යි – කැන්ඩි
චතුරංග ද සිල්වා – ඩොලර් 30,000යි – කැන්ඩි
කරීම් ජනට් – ඩොලර් 80,000යි – දඹුල්ල
ධනංජය ලක්ෂාන් – ඩොලර් 10,000යි – ගාල්ල
චමත් ගෝමස් – ඩොලර් 5,000යි – කැන්ඩි
හස්මතුල්ලා සසායි – ඩොලර් 50,000යි – දඹුල්ල
අහන් වික්‍රමසිංහ – ඩොලර් 5,000යි – ජැෆ්නා
ඇලෙක්ස් රෝස් – ඩොලර් 20,000 – ජැෆ්නා
පවන් රත්නායක – ඩොලර් 5000යි – කැන්ඩි
මොහොමඩ් වසීම් – ඩොලර් 20,000යි – කොළඹ
ඉසුරු උදාන – ඩොලර් 100,000 – ගාල්ල
එශාන් මාලිංග – ඩොලර් 5,000යි – කැන්ඩි
ඉසිත විජේසුන්දර – ඩොලර් 5,000යි – කොළඹ
ළහිරු සමරකෝන් – ඩොලර් 13,000 – ජැෆ්නා
මොහොමඩ් හස්නේන් – ඩොලර් 30,000යි – කැන්ඩි
මොහොමඩ් ශිරාස් – ඩොලර් 10,000යි – ගාල්ල
කවීන් බණ්ඩාර – ඩොලර් 5,000යි – කොළඹ
සදීෂ රාජපක්ෂ – ඩොලර් 5,000යි – ගාල්ල
සොහාන් ද ලිවේරා – ඩොලර් 5,000යි – දඹුල්ල
රනේෂ් සිල්වා – ඩොලර් 5,000යි – දඹුල්ල
ශෙහාන් ප්‍රනාන්දු – ඩොලර් 5000යි – කොළඹ
විශාද් රන්දික – ඩොලර් 5000යි – ජැෆ්නා
මල්ෂ තරුපති – ඩොලර් 25,000යි – ගාල්ල
සහූර් ඛාන් – ඩොලර් 10,000යි – ගාල්ල
අසිත ප්‍රනාන්දු – ඩොලර් 40,000යි – ජැෆ්නා
ගරුක සංකේත් – ඩොලර් 20,000යි – කොළඹ
නුවන් ප්‍රදීප් – ඩොලර් 36,000යි – දඹුල්ල
බිනුර ප්‍රනාන්දු – ඩොලර් 55,000යි – කොළඹ
ජේසන් බෙරන්ඩොෆ් – ඩොලර් 50,000යි – ජැෆ්නා
නුවනිඳු ප්‍රනාන්දු – ඩොලර් 34,000යි – දඹුල්ල
ඉෆ්තිකාර් අහමඩ් – ඩොලර් 50,000යි – දඹුල්ල
දිමුත් කරුණාරත්න – ඩොලර් 10,000යි – කැන්ඩි
දනුෂ්ක ගුණතිලක – ඩොලර් 22,000යි – දඹුල්ල
ශෙවෝන් ඩැනියෙල් – ඩොලර් 15,000යි – කොළඹ
රමේෂ් මෙන්ඩිස් – ඩොලර් 10,000යි – කැන්ඩි
ඇන්ජලෝ පෙරේරා – ඩොලර් 20,000යි – කොළඹ
දසුන් ශානක – ඩොලර් 85,000යි – කැන්ඩි
ශෝන් විලියම්ස් – ඩොලර් 20,000යි – ගාල්ල
අකිල ධනංජය – ඩොලර් 20,000 – දඹුල්ල
ප්‍රභාත් ජයසූරිය – ඩොලර් 10,000යි – ගාල්ල
ප්‍රමෝද් මදුශාන් – ඩොලර් 20,000යි – ජැෆ්නා
ළහිරු කුමාර – ඩොලර් 30,000යි – ගාල්ල
ටස්කින් අහමඩ් – ඩොලර් 50,000යි – කොළඹ
ළහිරු උදාර – ඩොලර් 14,000යි – දඹුල්ල
රමනුල්ලා ගුර්බාස් – ඩොලර් 50,000යි – කොළඹ
දුනිත් වෙල්ලාලගේ – ඩොලර් 50,000 – කොළඹ
චාමික ගුණසේකර – ඩොලර් 10,000 – කොළඹ
සහන් ආරච්චිගේ – ඩොලර් 20,000 – ගාල්ල
ජනිත් ලියනගේ ඩොලර් 36,000 – ගාල්ල

Latest News

More like this

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වන වාර්ෂික මහා සභා...

‘කෝලි’ දෙයියන්ගේ දෙපා නමස්කාර කර දවසක් හිරේට ගිය පකීරා

රිතුපාන්රෝ පකීරා (Rituparno Pakhira) යනු පසුගිය සෙනසුරාදා ඉන්දීය ප්‍රිමියලීග්...
error: Content is protected !!