සඳ මත ජනාවාස ඉදිකිරීම ඇතුළු අභ්‍යවකාශ ගවේෂණයට ශ්‍රි ලාංකික දැවැන්තයෙක් චීනය සමඟ එක්වේ

ශ්‍රී ලංකාවට වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රය හඳුන්වාදුන් සුප්‍රිම් ග්ලෝබල් සමාගම ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් චීනයේ ගැඹුරු අභ්‍යාවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ (China’s Deep Space Exploration Laboratory – DSEL) මෙහෙයුම් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරනු ලබන නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඒ සඳහා වන ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් සුප්‍රීම් ඩීප් ස්පේස් පුද්ගලික සමාගම ‘Supreme Deep Space (Pvt) Ltd.’ 2024.06.07 වැනි දින සිට දියත් කර ඇති අතර ඒ අනුව චීනය විසින් දියත් කළ ඉතාම සාර්ථක චන්ද්‍ර මෙහෙයුමක් වන Chang’e 6 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණකරු හා ප්‍රධාන සැලසුම්කරු වන මහාචාර්ය වූ වේර් යින් (Wu Weiren )තුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වී සිටින බවයි.

චීනයේ Chang’e 6 හි අරමුණ වන්නේ චන්ද්‍ර සාම්පල කිලෝග්‍රෑම් 2 ක් පමණ පෘථිවියට ආපසු ලබා දීම, සඳෙහි සංයුතිය සහ භූ විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ පෙර නොවූ විරූ අවබෝධයක් ලබා දීමයි. මේ වන විට මෙම මෙහෙයුම අති සාර් ථක ලෙසින් ක්‍රියාත්මක වන අතර ලෝකයට මෙතෙක් අණාවරණය නොවූ අභ්‍යවකශයේ රහස් රැසක් මෙම ව්‍යාපෘතිය ඔස්සේ හෙළිදරව් වී තිබෙනවා.

ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය මේ වන විට ආසියානු කලාපයේ මෙන්ම අභ්‍යවකාශ විෂයය ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන කාගේත් දැඩි අවඩ්ධානයට යොමු වූ සැලකිය යුතු කුතුහලයක් ඇති කර ඇති අතර මෙම සංචාරය තුළ ශ්‍රී ලංකාව අත්පත් කර ගන්නට යන වාණිජමය මෙන්ම විද්‍යා හා තාක්ෂණ ජයග්‍රාහණයන් පිළිබඳව ද ප්‍රබෝධයක් ඇති කර තිබෙන බව නිවේදනයේ දැක්වෙනවා.

මේ වන විටත් මෙම සුප්‍රීම් ඩීප් ස්පේස් පුද්ගලික සමාගම සඳමත ජනාවාස ඉදිකිරීම ඇතුළු චන්ද්‍ර සහ අඟහරු මෙහෙයුම් ඉදිරියට ගෙන යාමේ මෙම ව්‍යාපෘති සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට කටයුතු කරමින් සිටී.

සුප්‍රීම් ඩීප් ස්පේස් පුද්ගලික සමාගම හා DSEL සමඟ ඇති කරගත් මෙම සහයෝගිතාවය ඔස්සේ ගෝලීය අභ්‍යවකාශ ගවේෂණ සිතියමේ ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමටත් මෙරට තරුණ පරම්පරාවට නැවුම් වෘත්තීය අවස්ථාවන් විවෘත කිරීමට මෙන්ම ශ්‍රී ලාංකේය විශේෂඥතාව උපයෝගී කර ගනිමින් ජාතියේ විද්‍යාත්මක හැකියාවන් ගෝලීය වේදිකාවක් මත ප්‍රදර්ශනය කිරීමට අවකාශය සලසයි.

දේශීය ප්‍රවීණතා දත්ත ගබඩාවක් පිහිටුවීම,ඉදිකිරීම් වලදී ත්‍රිමාණ මුද්‍රණය පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ,චන්ද්‍ර ජලයෙන් ඔක්සිජන් නිපදවීම,ග්‍රැෆීන් භාවිතයෙන් අභ්‍යවකාශ සෝපාන සංකල්පය ගවේෂණය කිරීම,හික්කඩුවේ පහළ ගුරුත්වාකර්ෂණ බලපෑම් දර්ශනය යන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ මෙම හවුල්කාරීත්වය තුළ පර්යේෂණයන්ට ලක් කිරීමට නියමිතයි.

අභ්‍යවකාශ යානා මාර්ග අධීක්ෂණය, මෙහෙයුම් දත්ත විශ්ලේෂණය කිරීම සහ සහයෝගී අභ්‍යවකාශ ප්‍රයත්නවල සාර්ථකත්වය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතන සමඟ සම්බන්ධීකරණය මෙම ව්‍යාපෘති මෙහෙයුමට ඇතුළත්.

චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීම සහ චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් Chang’e 7 සහ 8 වැනි මෙහෙයුම් ද මේ වන විට සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට ඇති බැවින්, DSEL සමඟ ඇති කරගන්නා මෙම සම්මුතීන් රටක් ලෙස ශ්‍රී ලංකවටත් දේශීය අර්ථිකයටත් මහත් ප්‍රතිලාභ ළඟා කර දෙනු ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

Latest News

More like this

කෙන්යාවේ රෝබෝ වේටර්ලා මිනිස් ශ්‍රමිකයන්ට අභියෝග කරයි

කෙන්යාවේ නයිරෝබි නුවර ප්‍රථම වතාවට රොබෝ වේටර්වරුන් විසින් සේවා...

ඊලොන් මස්ක් iPhone සහ අනෙකුත් Apple උපාංග තහනම් කරයි

X, Tesla සහ SpaceX යන සමාගම් ජාලයේ හිමිකරු වන...

ඕනෑම තැනකට විනාඩි 10 න් යන්න පුලුවන් පියාඹන ටැක්සි සේවාවක්

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පියාඹන විදුලි...

ආර්ට් එකෙන් ඩොලර් හොයන අලූ‍ත්ම ට්‍රෙන්ඩ් එක – Midjourney AI

කෘතීම බුද්ධිය උපයෝගී කර ගනිමින් නිර්මාණ බිහිවීම මේවන විට...
error: Content is protected !!