අනුර දිසානායක මීලග ජනාධිපති නියතයි.. ඡන්ද ප‍්‍රතිශතය දැනටම 50% පැනලා..

මීලග ජනාධිපතිවරණයේ දී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා බවට සමීක්ෂණයක් මගින් ඔප්පු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

එම ආයතනයෙන් මුලින් කළ සමීක්ෂණය අනුව 42%ක් වූ මාලිමාවට වූ ජනතා කැමැත්ත නවතම සමීක්ෂණය 46% දක්වා ඉහල ගොස් ඇතැයි හෙළි වී ඇති බවද පැවසූ ඔහු නමුත් සත්‍ය තත්ත්වය නම් 50% ඉක්මවා ජනමතයක් මාලිගාව වටා ගොඩ නැගී ඇති බවද කියා සිටියේය.

එම ආයතන සිදුකළ ජනමත සමීක්ෂනය අනුව ආණ්ඩුවේ ජනමතය 9%ක් දක්වා පසු බැස ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන බල විරෝධය ජනරැළිය අමතමිනි.

Latest News

More like this

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...

තහනම් පිරමීඩ ක්‍රම ගැන දැනුම්වත් වෙන්න සතියක්

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) සිට තහනම් පිරමීඩ...

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...
error: Content is protected !!