ඔක්තෝබර් 07 වැනිදා විශේෂ පැරෂුට් සහිත ගුවන් යානාවලින් (Paraglider) ඊශ්‍රායලයට රිංගූ ත්‍රස්තවාදී කණ්ඩායමට නායකත්වය දුන් හමාස් අණදෙන නිලධාරියා මරා දැමූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.
අසේම් අබු රකාබා නමැති ත්‍රස්තවාදියා ඊශ්‍රලයට එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරවලට ද වගකිව යුතු විය.
“එක් රැයකින්, IDF ප්‍රහාරක ජෙට් යානා හමාස් ගුවන් හමුදාවේ ප්‍රධානියා වන අසේම් අබු රකාබා ඝාතනය කරනු ලැබීය. හමාස් හි UAV, Drone, Paraglide ගුවන් හඳුනාගැනීම් සහ ආරක්ෂාව සඳහා අබු රකාබා වගකිව යුතු විය,”X ඔස්සේ පවසා තිබේ.
“ඔහු ඔක්තෝබර් 7 සංහාරය සැලසුම් කිරීමට සහභාගී වූ අතර Paraglide වලින් ඊශ්‍රායලයට රිංගා ගත් ත්‍රස්තවාදීන්ට අණ දුන් අතර IDF මුරපොලවලට ඩ්‍රෝන් ප්‍රහාරවලට වගකිව යුතු විය,” එහි වැඩිදුරටත් සඳහන් විය.
ත්‍රස්තවාදී කණ්ඩායම රට තුළට රිංගා කාන්තාවන් සහ ළමුන් ඇතුළු 1400 දෙනෙකු ඝාතනය කළ ඔක්තෝබර් 7 වැනිදා සිට IDF විසින් හමාස් හි ප්‍රධාන අණ දෙන නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කර ඇති බව සඳහන්ය. මෙම කණ්ඩායම විදේශිකයන් ඇතුළු 200 කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ද තබා ඇත.
ඔක්තෝම්බර් 14 වෙනිදා IDF විසින් කණ්ඩායමේ ගුවන් හමුදාවේ පෙර ප්‍රධානියා වූ මුරාද් අබු මුරාද් ඝාතනය කළ බව වාර්තා විය.
සිකුරාදා රාත්‍රියේ සහ සෙනසුරාදා උදෑසන ඊශ්‍රායල ගුවන් හමුදාව උතුරු ගාසා තීරයේ හමාස් භූගත ඉලක්ක 150කට ප්‍රහාර එල්ල කළේය.
ප්‍රහාරය අතරතුර, හමාස් ත්‍රස්තවාදී සංවිධානයේ ත්‍රස්තවාදීන් තුරන් කරන ලද අතර, සටන් උමං මාර්ග, භූගත සටන් අවකාශයන් සහ අනෙකුත් භූගත ත්‍රස්තවාදී යටිතල පහසුකම් විනාශ කරනු ලැබීය. ප්‍රහාරවලින් හමාස් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු මිය ගිය බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
සිකුරාදා රාත්‍රියේ, යේමනයේ පිහිටි ඉරාන ප්‍රොක්සි ත්‍රස්ත සංවිධානයක් වන හූතිවරු ඊශ්‍රායලය දෙසට මිසයිලයක් දියත් කළ නමුත් එය ඊජිප්තුවේ ටාබා වෙත එල්ල වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා වී තිබේ.
මේ අතර සෙනසුරාදා හමාස් සංවිධානය පැවසුවේ ගාසා තීරයේ සිටින තම ත්‍රස්තවාදීන් ඊශ්‍රායල හමුදාවන්ට “පූර්ණ බලයෙන් යුතුව” මුහුණ දීමට සූදානම් වන බවයි. ඊශ්‍රායලය ගාසා තීරයේ සිය ප්‍රහාරය තීව්‍ර කරද්දී, හමාස් කියා සිටියේ තම සටන්කාමීන් දේශසීමා ප්‍රදේශවල හමුදා සමඟ ගැටෙන බවයි.
ඊශ්‍රායලයේ බෝම්බ ප්‍රහාර හේතුවෙන් අන්තර්ජාල සහ දුරකතන සේවා මේ වන විට සම්පූර්ණයෙන් විසන්ධි වී ඇත.