ගෝඨාභයට උදේම ගිහින් ඡන්දය දෙන්න කිව්ව කාදිනල්තුමත් පාස්කු ප්‍රහාරයේ කොටස් කරුවෙක් – මනූෂ

මෙරටදී සිදු කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව සකස් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ(05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බවයි.

අවශ්‍ය නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට ද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා.

“අපි රජයක් විදියට වගකීමෙන් කටයුතු කරනවා. ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් වන විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබද ඉදිරියේ දී දැනුවත් කිරීම් සිදු කරාවි.

ඊට අමතරව ජාත්‍යන්තර පරීක්ෂණක් කිරීමට රජයක් විදියට ඒ ඉල්ලීම කැබිනට් මණ්ඩලයේ දී ඉල්ලීම් කරනු ලැබුවා. පුද්ගලිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මේ කරුණ මතු කළා.

ජීනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වන කාලයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්වන කාලයට චැනල් 4 නාලිකාවෙන් ඔය වගේ දේවල් එළියට එනවා. මේ වීඩියෝවේ තියෙන කරුණු සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරන්න ඕන. මේ ගැන සොයා බැලීම ගැන අපේ කිසිදු ප්‍රශ්නයක් නෑ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් කිරීමට සුරේෂ් සලේ ඔය කියන ආකාරයේ ප්‍රකාශයක් සිදු වුනා නම් ඒ සිද්ධියෙන් පසුව කාදිනල්තුමන් උදේම ගිහින් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න කියන මතවාදය ගොඩ නගපු එකට, මේ අඬපු අය මේ හැමෝම ඒ මැතිවරණ ව්‍යාපාරයේ කොටස්කරුවන් වෙන්න ඕන. ඔය කියන තර්කය අනුව” බව පවසා තිබෙනවා.

Latest News

More like this

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...

තහනම් පිරමීඩ ක්‍රම ගැන දැනුම්වත් වෙන්න සතියක්

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) සිට තහනම් පිරමීඩ...

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...
error: Content is protected !!