දමිතලා මාව ඉන්දියාවට යවන්න කිසිම ලියවිල්ලක් අත්සන් නොකරයි වීසා ගැස්සුවේ

කොරියා රැකියා පෙන්වමින් සිය ලක්ෂ තිහකට ආසන්න මුදලක් වංචා කළ බවට නිළි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වෙත චෝදනා කළ පී. කේ. ප්‍රසන්න නම් තැනැත්තා විසින් ඉරාජ් වීරරත්නගේ යූ ටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔවුන් ඔහුගෙන් කිසිදු ලියවිල්ලක් ලබා නොගෙන ඩුබායි සහ ඉන්දියාව වෙත වීසා ලබාදුන් බව පවසා තිබෙනවා.

එම වීසා ලබා ගැනීම කොල්ලුපිටියේ පිහිටි ආයතනයකින් සිදු කළ බවයි ඔහු සඳහන් කළේ.

කොරියාව වෙත යවන බව පවසා ඉන්දියාව වෙත වීසා ලබා දීම හේතුවෙන් ඔහුට යම් සැකයක් මතු වූ බව ඔහු මෙහිදී පවසා සිටියා.

එමෙන්ම දමිතාගේ සැමියා එල්.ටී.ටී.ඊ ය සමඟ සබඳතා පවත්වන බව ද ඔහු අනාවරණය කර තිබෙනවා.

දමිතාගේ නිවසේ රැඳී සිටි වකවානුවේ ඔහු ඇගේ සැමියා සමඟ කිහිප වතාවක් මඩකලපුව වෙත ගිය බවත් ඔහු නිතර කැනඩාවෙන් මුදල් ලැබෙන බවක් තමන් වෙත පැවසු බවත් ඔහු පවසනවා.

එමෙන්ම අරගලය වෙත ලැබුණු ද්‍රව්‍යමය ආධාර බොහොමයක් දමිතාගේ නිවසේ පරිභෝජනය සඳහා භාවිත කළ බවයි ඔහු මෙහිදී පැවසුවේ.

Latest News

More like this

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...

තහනම් පිරමීඩ ක්‍රම ගැන දැනුම්වත් වෙන්න සතියක්

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) සිට තහනම් පිරමීඩ...

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...
error: Content is protected !!