දුව බලන්න ඕස්ට්‍රේලියාවට ගිය අම්මාට සම දියවෙන දුර්ලභ රෝගයක්

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී 74 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් දුර්ලභ රෝගයකට ගොදුරු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇය ගොදුරු වී ඇත්තේ Buruli Ulcer නම් සිරුරේ මස් දියවී යන රෝගයකටයි.

කාමේල් රොද්‍රිගෝ (Carmel Rodrigo) නම් කාන්තාව මෙම තත්ත්වය හේතුවෙන් සති තුනක් තිස්සේ මෙල්බර්න් රෝහලක නැවතී ප්‍රතිකාර ගන්නා අතර ඇය සිටින්නේ සිහිසුන්ව බවයි සඳහන් වන්නේ.

ඇය මෙම වසරේ මුල මෙල්බර්න් වෙත පැමිණියේ ඇගේ දියණිය සමඟ කාලය ගත කිරීමටයි.

එරට පළවන ඩේලි මේල් පුවත්පතට ගයත්‍රි පෙරේරා නම් ඇගේ දියණිය මෙසේ පවසා තිබෙනවා.

“අම්මා පහුගිය ජනවාරියේ අපව බලන්න ආවේ ‍මුල් දවස්වල අපි එහේ මෙහේ ගිහින් විනෝද වුණා. කෙසේ වෙතත්, දැඩි වේදනාවක් ඇගේ අතෙන් මතුවුණා.
තත්වය එන්න එන්න දරුණු වුණා. වේදනාව දරාගත නොහැකි ව ඇය කෑගැසුවා. ඇගේ අත ඉදිමී මඳක්
නිල් පැහැ තත්වයට ආවා. වහා රෝහල් ගත කරා. ඉන් පසු අතේ හිරිවැටීමක් තියෙන බව පෙන්නුම් කළා.

මවගේ ආසාදනය කුමන ආකාරයේ එකක්දැයි හඳුනාගන්නට අපහසු මට්ටමක තිබුනේ.
පැතිරීම ඇත්තෙන්ම වේගවත් වුණා. ඇයට දිවි ගලවා ගැනීමට ඇත්තේ සියයට 10ක සම්භාවිතාවක් නිසා
යාඥා කරන ලෙස මට කීවා.
ඇය වාට්ටුවේ සන්සුන්ව සිටියත් වෛද්‍යවරයාගේ අදහස වූයේ ඇය හොඳ සිහියෙන් සිටියේ නම් ඇගේ වේදනාව ‘ඉවසිය නොහැකි’ බවයි.

මේ ගැන වෛද්‍යවරු ගණනාවක් පරීක්ෂා කළා පසුව Buruli Ulcers නම් දුර්ලභ මස් කන බැක්ටීරියාවක් ඇයට ආසාදනය වී ඇති බවත් එය වර්ධනය වෙමින් පවතින්නක් බවත් පැවසුවා. අවසානයේ ඇගේ වම් අත කපන්න සිද්ධ වුණා”

සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව ” Buruli Ulcers “යනු සමට සහ මෘදු පටක වලට හානි කරන ආසාදනයක් බවයි පැවසෙන්නේ.

මදුරුවන් වාහකයන් ලෙස ක්‍රියා කරන අතර අනෙකුත් සතුන් ද රෝගය සම්ප්‍රේෂණය කරයි.
රොද්‍රිගෝ මහත්මියට ආසාදනය වූයේ කෙසේද යන්න අපැහැදිලි වුවත්, පෙරේරා මහත්මියට කළ හැක්කේ
ඇගේ මව සුව වන තුරු බලා සිටීමයි.

ඇගේ මව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ සිටියදී ගයත්‍රි සහ ඇගේ පවුලේ අය මවගේ වෛද්‍ය බිල්පත්
ගෙවීමට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින අතර ඔවුන්‍ට මූල්‍ය උපකාර කිරීම සඳහා ඔවුන්
GoFundMe පිටුවක්ද මේ වන විට පිහිටුවා තිබෙනවා.

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!