නුවර එළිය මහ රෝහලේ අක්ෂි සැත්කම්වලින් දෙදෙනෙකුට සදහටම පෙනීම නැති වී තවත් 17 කට සංකූලතා.. GMOA හෙළිදරව්වක්

නුවර එළිය දිස්ත්‍රික් මහ රෝහලේ පසුගිය අප්‍රේල් මාසයේ සිදු කරනු ලැබූ අක්ෂි සැත්කම්වලින් දෙදෙනෙකු මුළුමනින්ම අන්ධභාවයට පත් වී තවත් 17 දෙනෙකුට සංකූලතා මතු කර ඇතැයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තහවුරු කර තිබෙනවා.

මෙම පිරිස වාර්තා වී ඇත්තේ අප්‍රේල් මාසයේ දී සිදු කළ සැත්කම් 37 ක් අතරින් බව ඊයේ (31) නුවර එළිය දිස්ත්‍රික් මහ රෝහලේ පැවති රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය හමුවක දී එම රෝහලේ වෛද්‍යවරු පවසා සිටියා.

එහි දී අදහස් දැක්වූ අක්ෂි විශේෂ වෛද්‍ය කණිෂ්ක මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් යම් යම් තොරතුරු සමාජ ගත වුවත් සත්‍ය තොරතුරු අනාවරණය නොවීම නිසා මේ පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවූ බවයි.

මෙම තත්ත්වයට අක්ෂි සඳහා භාවිත කරනු ලබන පෙඩ්නසිලෝන් නැමති ඖෂධය හේතුව බවයි මෙහි දී සඳහන් වුණේ.

පෙඩ්නසිලෝන් පසුගිය කාල සීමාව පුරා නොයෙකුත් බාල ඖෂධ මෙරටට ගෙන්වීමේ මෆියාවේම තවත් ප්‍රතිඵලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!