වඩාත්ම බලගතු කාන්තාවක් ලෙස පුෂ්පා රම්‍යානි සොයිසාට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේන් සම්මානයක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ හෙද නිලධාරිනියක වන පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ දී ඊයේ (15) Most Powerful and Influential Women Award ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය .

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සංවිධානය කර තිබූ මෙම ගෝලීය සම්මාන උළල සදහා රටවල් 10 කට වඩා නියෝජිත පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.

දේශපාලන බලවතුන්, ව්‍යාපාරික බලවතුන්, උගතුන්, විවිධ කේෂේත්‍ර වල ප්‍රබලයන් ඇතුඵ විශාල පිරිසක් මෙම සම්මාන උළෙල නියෝජනය කරනු ලැබීය.

World Humanitarian Foundation මෙය සංවිධානය කර තිබුණ අතර හෙද නිළධාරිනියක් මෙවන් සම්මානයකට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාවද මෙය බව සඳහන් වේ.

තවද 15.09.2023 London Chamber of Commerce හි පැවැති Global Economic Forum Summit හි G20 සංවිධානය මගින් Global ICON Award ජාත්‍යන්තර සම්මානයෙන් ද ඇය පිදුම් ලැබීය.

මේ සදහා බොහෝ රටවල විවිධ ව්‍යාපාරික ප්‍රබලයන් සහභාගී වූ අතර මෙම සංවිධානයේ සභාපති ලෙස Dr. Hari Krishna Maram India කටයුතු කරන්නේය.

එලෙසම එම ගෝලීය සංවිධානයෙහි ශ්‍රී ලංකා තනාපති (Sri Lanka embasyder) ලෙස සාමාජිකත්වයද ඇයට පිරිනැමීම විශේෂත්වයකි.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!