මාළිමාව දෙකඩ වේ. ආණ්ඩුව බුද්ධි අංශ සමඟ එක්ව කුමන්ත්‍රණයක.

ජනපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් කුප්‍රකට බුද්ධි අංශ හා එක්ව මාළිමාවේ ජයග්‍රගණය කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඒ අනුව NPP සහ JVP දෙකඩ කළ යුතු බවට සාකච්ඡාක් සිදු කර ඇති බවයි ඔහු සඳහන් කළේ. ඒ සඳහා බොරු ප්‍රවෘත්ති පැළ කිරීමට නියම්ත බවත් ලබන සතිය වන විට මාළිමාවේ අභ්‍යන්තර ගැටුමක් පවතින බවට ප්‍රවෘත්තියක් වාර්තා වීමට නියමිත බව ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් එවැනි කිසිදු බලවේගයකට මාළිමාව දෙකඩ කළ නොහැකි බව ඔහු මෙහි දී අවධාරණය කර සිටියා.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මැයි රැළිය අමතමිනි.

ඔහු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියා.

“බලයේ ඉන්න අය කලබල වෙලා. ඇයි කලබල වෙලා තියෙන්නෙ. මෙච්චර කල් පැරදිලා නැද්ද? තියෙනවා රනිල් පැරදුණොත් දිනන්නෙ මහින්ද. අවුලක් නෑ. මහින්ද පැරදුණොත් දිනන්නෙ රනිල්. බය නෑ. දැන් ඇයි බය වෙලා තියෙන්නෙ.

මාළිමාව දිනුවොත් හොරා කාලා ගෙදරට වෙලා සනීපෙට ඉන්න වෙන්නෙ නෑ. හොරා කාලා තියේ නම් උසාවි යන්න වෙනවා. නඩු කියන්න වෙනවා. හිරේ යන්නත් වෙනවමයි. නිකන් හිරේ ගිහින් බේරෙන්න විදියක් නෑ. හොරා කාපුව දෙන්නත් වෙනවා. ඒ නිසා බය වෙනවා. බය වෙලා මොකද කරන්නෙ. තමන්ගෙ බලය නැති වෙයි කියල බයේ ජාතික ජන බලවේගයට වට කරන් ගහනවා.

මේ දවස්වල විපක්ෂය කවුද? මේ දවස්වල ආණ්ඩුව කවුද කියල හිතන්නකො. ආණ්ඩුව අපි වගේ. සමගි ජන බලවේගය කියන්නෙ මාළිමාව පරදා ජයග්‍රහණය කරන්න එකතු වෙන්න කියලා. අපි කියනවනේ රනිල් රාජපක්ෂ පාලනය පරද්දලා ජයග්‍රහණය කරමු කියලා. ඒගොල්ලො කියන්නෙ මාළිමාව පරද්දලා ඒගොල්ලො දිනනවලු.

බොරු අභියෝග කරනව කිව්වට එන්නෙ නෑ. එන්නෙ නෑ සහතිකයි එන්නෙ නෑ. සජිත්ට එන්නබෑ වැඩ තියෙනවලු. ඇත්‍තනේ ඒදණ්ඩෙ යන්න තියෙනව. සංගීත වල ගිටාර් ගහන්න තියෙනවා.”

Latest News

More like this

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...
error: Content is protected !!