රනිල් ජනපති පුටුවට උස්සගෙන ඇවිත් වාඩි කරවපු පොහොට්ටුව දැන් කියන ලැජ්ජ නැති කතාව

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ජනාධිපති ධුරය ලබා දීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කළේ ඒ වන විට රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් බිහි වෙමින් පැවති නිසා පමණක් බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසා තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

රනිල් වික්‍රමසිංහ යනු එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්ධයේ දී ඊට සහයෝගය නොදුන් නායකයෙක් බව ඔහු පවසා තිබෙනවා.

එමෙන්ම වික‍්‍රමසිංහ මහතා 2015 යහපාලන ආණ්ඩුව සමයේ මහ බැංකුවේ මහ මංකොල්ලයක් සිදුවෙද්දී ඇස් කන් පියාගෙන බලාගෙන හිටපු සිටි නායකයෙක් බවද ඔහු මෙහි දී සඳහන් කළා.

ඔහු වැඩි දුරටත් පැවසුවේ ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කීමට තමා කිසිවිටක බියක් නොදක්වන බවයි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ඇති වීමට යන බව තම පක්‍ෂයට පෙනුන නිසා වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමට තීරණය කරනු ලද බවත් එම තීරණය නිවැරදි බව මේ වන විට ඔප්පු වී ඇති බවද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියා.

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!