ලංකාවේ බසයක ගමන් ගත් රුසියානු කාන්තාවකට බිහිසුණු මාරාන්තික අත්දැකීමක්..

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ බස්‍ රථ අධික වේගයෙන් ගමන් කරන බැවින් තම ජීවිතයට ඉතා අනතුරුදායක බව රුසියානු සංචාරකයෙක් ප්‍රකාශ කර තිබෙනවා.

ඇයගේ අත්දැකීම පොළොන්නරුවේ සංචාරක පොලිසියට පැමිණිල්ලක් ලෙස ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

තමාගේ අනන්‍යතාවය හෙළි නොකළ ඇය කියා සිටියේ තමන් කොළඹ සිට පොළොන්නරුවට බස් රථයෙන් පැමිණියේ රටේ සුන්දරත්වය නැරඹීමට බවයි.

ඇය පොළොන්නරුවට යන ගමනේදී තමන් ලද අමිහිරි අත්දැකීම පැහැදිලි කර ඇත්තේ මෙසේය.

“බසය පැයට කිලෝමීටර් 95ක වේගයකින් ගමන් කර ඇති අතර ඇතැම් විට ප්‍රධාන මාර්ගයේ පැයට කිලෝමීටර් 100 ඉක්මවූවා. මම මගේ ගූගල් සිතියම් යෙදුමෙන් වේගය සටහන් කරගත්තා. බස් රථය බොහෝ විට පැයට කිලෝමීටර 100 ක වේගයෙන් ධාවනය වුණා. වේගය අඩු කර අපව ආරක්ෂිතව පොළොන්නරුවට ගෙන යන ලෙස මං රියදුරුට කිව්වා. ඒත් එයා අපිට කතා කළේවත් ඇහුම්කන් දුන්නේවත් නැහැ. අපි ඔහුට කතා කරනකොට වේගය පැයට කිලෝමීටර් 70, 75, 80 වගේ තිබුණා. බසය ඉගිල්ලෙනවා වගේ නොසැලකිලිමත් ලෙස බසය පැත්තකට නවලා අනිත් වාහන ඉස්සර කළා.

“ඒක අපේ ජීවිතවලට හරිම භයානක තත්ත්වයක්, අපි මැරෙන්න ඕන නැහැ, අපි සංචාරකයෝ විතරයි, අපිට ලංකාව බලන්න ඕන. මම හොඳටම බය වෙලා බස් එකේදි ඇඬුවා, මම අම්මට කතා කරලා බස්වලට කිව්වා. ශ්‍රී ලංකාවේ රිය පදවන්නේ මිනිසුන්ගේ ජීවිත පරදුවට තබමින්.

දැන් මට නුවර යන්න ඕන. පැයට කිලෝමීටර් 100ක වේගයකින් නෙවෙයි අපිව පරිස්සමෙන් නුවරට ගෙනියන්න පුළුවන් සාමාන්‍ය රියදුරෙක් ඉන්න බස් එකක් ඕන. මට පිස්සු රියදුරෙක් ඕන නෑ,” සංචාරක කාන්තාව පවසා තිබෙනවා.

නගර ප්‍රදේශවල සහ නගරයෙන් පිටත ධාවනය කිරීම සඳහා බස් රථ සඳහා වේග සීමාවන් පනවා ඇති අතර පැයට කිලෝමීටර 60 නොඉක්මවන ලෙස නීති රීති ක්‍රියාත්මක කරන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව ද සඳහන්.

“මම බස් වලට නගින හැම වෙලාවකම මම දෙවියන්ට කන්නලව් කරනවා මාව ආරක්‍ෂාවෙන් සහ ගමන ඉවර වෙනකම් ජීවත් කරවන්න කියලා. අපි බස් එකකට නගින හැම වෙලාවකම අපේ ජීවිත පරදුවට තබනවා. ඒක ලංකාවේ මිනිස්සු දන්නවා. ඔවුන් ආරක්‍ෂිත නැහැ.

“ශ්‍රී ලංකාවේ බස් රථවල ගමන් කිරීම ඉතා භයානකයි. දුම්රිය කාලසටහන් පවා සොයා ගැනීමට අපහසුයි,” ඇය වැඩිදුරටත් එසේ පවසා ඇති බවයි සඳහන් වන්නේ.

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!