පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් ඔහු ගංජා සහ හෙරොයින් පිළිබඳ ප්‍රවීණයෙක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා තිබෙනවා.
මෙම විෂයයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක දී අනිවාර්යයෙන් ලන්සාගේ ප්‍රවීණත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අභිබවා යන බව පැවසූ ඔහු වැඩිදුරටත් පැවසුවේ නාමල්ට ඒ පිළිබඳව දැනුමක් නොමැති බවයි.
ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයට ලන්සා ප්‍රධාන සාධකයක් වූ බව රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළා.
මත්ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකාය ලන්සාගේ නිවස වැටලීමේ විශේෂ සිදුවීම සහ ඔහු ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැදිහත් වූ බවට චෝදනා එල්ල වූ අතර මෙම මැදිහත්වීම මහින්ද රාජපක්ෂගේ පරාජයට සෘජුවම බලපෑ බව රාජ්‍ය ඇමති සනත් නිශාන්‍ත වැඩිදුරටත් පවසා තිබෙනවා.