විදේශීය වෛද්‍ය උපාධි සඳහා ශ්‍රී ලංකාවේ පිළිගැනීමට අවසර හිමි වේ

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලවලින් පිරිනමන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාවේ පිළිගත් වෛද්‍ය උපාධි ලෙස පිළිගැනීමට රජය තීරණය කර තිබෙනවා.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලවලින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි පාඨමාලා පිළිගැනීම මත පදනම් වූ ප්‍රමිති සහ නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අනුමැතිය හිමි වුණා.

වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන වත්මන් අවශ්‍යතාවලට සරිලන පරිදි සංශෝධනය කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද මෙහිදී ඉල්ලා සිටියා.

මේ අනුව අංක 1 සිට 1000 දක්වා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තුළ විදේශීය විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි සඳහා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම හිමි වෙනවා.

Latest News

More like this

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...

තහනම් පිරමීඩ ක්‍රම ගැන දැනුම්වත් වෙන්න සතියක්

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) සිට තහනම් පිරමීඩ...

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...
error: Content is protected !!