ස්නයිපර් ප්‍රහාරයකින් ජනපති ඝාතනය කරන බව කියූ තරුණයා කම්පියුටර් ගේම් කප්පිත්තෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතන තැතක් පිළිබඳ ඉඟි කරමින් සමාජ මාධ්‍ය සටහනක් තැබීම සම්බන්ධයෙන් රහස් පොලිසිය අත් අඩංගුවට ගන්නා ලද තරුණයා එළැඹෙන 08 වෙනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දහනව හැවිරිදි මෙම තරුණයා අනුරාධපුර එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර චූන් පාන් අලෙවිකරුවකු ලෙස කටයුතු කරනු ලබන්නෙකු බව රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙම තරුණයා අදාළ ප්‍රකාශය සිදු කළේ ජනාධිපතිවරයා එළැඹෙන 07 වන දා එප්පාවල ජාතික පාසලේ උත්සවයකට සහභාගි වීමට නියමිතව සිටිය දීය.

විශේෂ පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා හත් වෙනිදා තමාට ස්නයිපර් තුවක්කුවක් ලබා දෙන ලෙස ඔහුගේ සමාජ මාධ්‍ය පණිවිඩයෙන් ඉල්ලීම් කර තිබිණි. රහස් පොලීසිය වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලින් පසු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මෙම සටහන දුර දිග බලා දැමූ එකක් නොවන බව ඔහු ප්‍රශ්ණ කිරීම් හමුවේ පවසා ඇත. ඔහු දැඩි ලෙස පරිගණක ක්‍රීඩාවලට අබ්බැහිවූවකු බව ද රහස් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

Latest News

More like this

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...

තහනම් පිරමීඩ ක්‍රම ගැන දැනුම්වත් වෙන්න සතියක්

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) සිට තහනම් පිරමීඩ...

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...
error: Content is protected !!