සුරූපි නිළියොත් යොදාගෙන ලාංකිකයන් රුසියානු හමුදාවේ මස් කඩයට ගාල් කළ ජාවාරම්කරුවෝ කොටු වේ

රුසියාවේ යුද හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට ආරක්ෂක අංශවල විශ්‍රාමික නිලධාරීන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක් සිදු කළ විශ්‍රාමික මේජර්වරයෙකු සහ තවත් ඒජන්සිකරුවෙකු මැයි මස 02 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගත කර තිබෙනවා.

මෙම මේජර්වරයා සහ ඒජන්සිකරු වාරියපොළ සහ දිගන ප්‍රදේශවල දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මොවුන් රුසියාවට යැවීම සඳහා ඔවුන් එක් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 2 සිට ලක්ෂ 15 දක්වා මුදලක් ලබාගෙන ඇති බවයි.

මෙම ජාවාරමට සම්බන්ධව තවත් කිහිප දෙනෙකු ඉදිරියේ දී අත් අඩංගුවට ගැනීමට නියමිත බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

මෙම ජාවාරම සිදු කරගෙන යාම සඳහා මහනුවර කටුගස්තොට පාරේ මහා පරිමාණයේ ඒජන්සියක් පවත්වාගෙන ගිය අයෙකු මේ වන විට රුසියාවට පළා ගොස් ඇති බවත් මෙම ජාවාරම සිදු කරගෙන ගිය අය අතර ඔහු ඉහළින්ම සිටින බවත් සඳහන්.

එමෙන්ම ඔහු මෙරට සිටිය දී ඔහුගේ ඒජන්සියේ ප්‍රවර්ධනය සඳහා මෑතකදී ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය රැසක ජනප්‍රිය සුරූපී නිළියන් යොදාගෙන ඇති බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා.

රුසියානු හමුදාවේ කඳවුරු පිරිසිදු කිරීම බංකර් අලුත් වැඩියා කිරීමට බව පවසමින් රැගෙන ගිය මෙරට ලාංකික තරුණයින් පිරිසක් කුලී හේවයන් ලෙස ඉදිරිපෙළ ආරක්ෂක වළල්ලේ සේවයට යොදවා ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා. දැනට එසේ ලාංකිකයන් 500 ක් පමණ රුසියානු හමුදාවේ කුලී හේවායන්ලෙස කටයුතු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අනාවරණය කරගෙන ඇති කරුණුවලින් හෙළි වී ඇත්තේ.

Latest News

More like this

සෞඛ්‍ය කෝටි 3923ක් නීතිවිරෝධීව ඕටී ගෙවලා

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට...

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...
error: Content is protected !!