සෙනඟයි පිළිවෙලයි දෙකම තිබුණේ මාළිමාවේ – පක්ෂ පාට භේද නැතුව චම්පික ඇත්තම කියයි

ඊයේ (01) දිනයේ පැවැත්වු මැයි රැළි අතර වැඩිම ජනතාවක් සහභාගී වූයේ ජාතික ජන බලවේගයේ මැයි රැළියට බවත් එය ඉතාම විධිමත් සහ පිළිවෙලට සංවිධානය කර තිබු මැයි රැළිය බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසා තිබෙනවා.

එය පුදුමයක් නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ට එක මන්ත්‍රී ධුරයක් හිමි නොවුණු 1965-1970 අතර කාලයේත් ඔවුන්ගේ පක්ෂය තහනම්ව පැවති කාලවකවානුවේත් එවැනි රැළි පවත්වා ඇති අතර එය විශේෂ සිදුවීමක් නොවන බව ඔහු පවසනවා.

එහිදී මාධ්‍යවේදියකු ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත සමාජ වාදය අත් හරින ලද බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ” කොමරේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහතා වීම පිළිබඳ සතුටු වන බව පැවසුවා.

“අපිත් ඕක තමයි නිරන්තරයෙන් ජනතා විමුක්ති පෙරමුණට කිව්වෙ ඔය පැරණි මාක්ස්වාදී හැව අත අරින්න කියලා. මං දැක්ක එයාලගෙ පෙළපාලි වල කාල් මාක්ස් ල එංගල්ස් ලා නැති එක ගැන රතු මැයි දිනයක් නොවීම ගැන ප්‍රශ්ණ කරල තිබුණා.

ඒක හොඳයි අපි දකින්නෙ ඒක ප්‍රගතිය පැත්තට ගත්‍ත පියවරක් හැටියට. කාල් මාක්ස්ලා එංගල්ස්ලා දර්ශනයක් විදියට හැදෑරුවට කමක්නෑ. නමුත් ඒව ප්‍රායෝගිකව මහපොළොවේ යථාර්ථයක් කරන්න පුළුවන් ඒවා නෙවෙයි.

සමාජ වාදය කොහේවත් නැනෙ. ඒ යථාර්ථය පිළි අරගෙන මං හිතන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් අඩවියෙනුත් මාක්ස්වාදී කියන එක අයින් දෑකැත්තයි මිටියයි අයින් කරලා වර්තමාන පරිගණක යුගයට ගැළපෙන විදියට පරිවර්තනය වෙනව නම් ලොකු විශ්වාසයක් ඇති වෙයි” යනුවෙන් ද පැවසුවා.

Latest News

More like this

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...
error: Content is protected !!