රෙනෝ හේලීස් අල්ලයි

ABC බ්‍රෝඩ්කාස්ටින් සමාගමේ සභාපති රෙනෝ සිල්වා සති කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ සමාගමක් වන හේලීස් පීඑල්සී හි තුන්වන විශාලතම කොටස් හිමියා බවට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

පසුගිය සිකුරාදා සහ අඟහරුවාදා අතර රේනෝ සිල්වා විසින් හේලීස් හි කොටස් මිලියන 7 ක් පමණ මිලදී ගෙන ඇති අතර එමඟින් ඔහුගේ කොටස් මිලියන 13.5 ක් හෝ 1.8% ක කොටස් දක්වා වැඩි කරගෙන තිබෙනවා.

මෙයට පෙර තුන්වන විශාලතම කොටස් හිමියා වූයේ මැක්ලරන්ස් හෝල්ඩිංග්ස් සමාගමයි.

හේලීස් හි 51% කොටස් හිමි ධම්මික පෙරේරා විශාලතම කොටස්කරුවා වන අතර D.S ජයසුන්දර භාරයේ භාරකරුවන්ට 11.6% ක් හිමිවුණා.

අඟහරුවාදා හේලීස් කොටසේ මිල රුපියලකින් ඉහළ ගොස් රුපියල් 91ක් ලෙස සටහන් වූ අතර පසුගිය සතියේ රේනෝ සිල්වා එය මිලදී ගෙන ඇත්තේ කොටසක් රුපියල් 83 බැගිනි.

ඔහු සම්පත් බැංකුවේ දෙවන විශාලතම කොටස් හිමියා ද වන අතර එහිද වැඩි කොටස් හමිකාරීත්වය ධම්මික පෙරේරා විසින් පාලනය කරනු ලබන වැලිබල් වන් පීඑල්සී සතු වෙනවා.

Latest News

More like this

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...