ශ්‍රී ලංකාවට එන සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම විදෙස් සමාගමෙන් නැවත ආගමන විගමන නිලධාරීන් යටතට පත් කර ඇතැයි වාර්තා වෙනවා.
කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ප්‍රමාදයක් නිසා ඊයේ (01) නොසන්සුන්කාරී තත්ත්වයක් මතු වුණා.
මෙම තත්ත්වය මතු වුණෙ මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදෙස් සමාගමක් වෙත ලබා දීමේ පසුබිමකයි.
ශ්‍රී ලාංකිකයන්ට එන සංචාරකයින් සඳහා රජය 2012 වසරේ සිට ක්‍රියාත්මක කළ Online Visa ලබා දීමේ පහසුකම අධික්ෂණය කළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින්.
එහිදී සාක් රටවල සංචාරකයින් සඳහා දින 30 ක වීසා ගාස්තු ලෙස ඩොලර් 20 ක මුදලකුත් අනෙක් රටවල් සඳහා ඩොලර් 50ක මුදලකුත් අය කරනු ලැබුවා.
මෙහි ආදායම සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා රජයට හිමි වූ අතර ON ARRIVAL VISA පහසුකම සංචාරකයින් වෙත ලබා දීම සිදු කෙරුණා.
නමුත් එම ක්‍රියාවලිය ඊයේ සිට පෞද්ගලික සමාගමක් වෙත ලැබීමත් සමඟ මෙතෙක් සංචාරකයින්ගෙන් අය නොකළ ගාස්තු වර්ග කිහිපයක් ද අය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව සාක් රටවල සංචාරකයින්ට වීසා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 22 ක් සහ වෙනත් රටවල සංචාරකයින් සඳහා ඩොලර් 25 ක් වශයෙනි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ රට තුළට එන සංචාරකයින්ට අලුතින් වීසා ලබා ගැනීම වෙනුවට එක්වර වීසා ලබාගෙන දිගු කාලයක් මෙරට රැඳී සිටීමේ අවස්ථාව හිමි වනු ඇති බවයි. සෑම විටම වීසා අනුමත කිරීම සහ ගාස්තු තීරණය කිරීම, ගාස්තු ලබා ගැනීම දෙපාර්තමේන්තුව සතු බව ඔහු ප්‍රකාශ කළා. ඒ සඳහා කිසිම මුදලක් අදාළ සමාගම වෙත නොගෙවන බවත් ඔහු පැවසුවා.
කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ සිට අදාළ සමාගමට මෙම පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වුණා.
“ඔබ දන්න කිසිම දෙයක් නෑ. ඉන්දියාව කිසි දෙයක් දන්නෙ නෑ. තව ටික දවසකින් අපේ ග්‍රාම සහතිකය දෙන්නෙත් මුන්. මේ ඉන්දියන් කාරයො තමයි අපේ ග්‍රාම සේවක සහතිකේ දෙන්නේත්. මම මේ රටේ බදු ගෙවන්නෙක් නිසා මටමේ ගැන කතා කරන්න පුළුවන්”, යයි ශ්‍රී ලාංකික තරුණයෙක් හඬ නඟමින් ඊට විරෝධය දක්වන අයුරු දැකගත හැකි වුණා.