හිතුමතේ වැටුප් වැඩි කරගෙන මහ බැංකුව රටට කළ පාඩුවේ තරම

මහ බැංකුවේ අධිපතිතුමන් සහ පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගමම්න්පිල මහතා පවසනවා.

2023 වසරේ දී ශ්‍රී ලංකා මහබැංකුව රුපියල් බිලියන 114ක් ශුද්ධ අලාභයක් ලබා ඇති බවත් එසේ අලාභ ලබමින් මහ බැංකු කාර්ය මණ්ඩලය සදහා දැවැන්ත වැටුප් වැඩිවීමක් සිදු කළ වත්මන් අධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය වගකීම භාර ගත යුතු බවයි ඔහු සඳහන් කළේ.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (06) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා තිබෙනවා.

අපේ රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බූදය නැතිනම් ඩොලර් අර්බූදය විසඳා ගැනීමට තිබෙන හොඳම මාර්ගය තමයි පිටරටට බඩු විකුණලා අපනයන ආදායම වැඩි කර ගැනීම. නමුත් ආණ්ඩුව කර ගැනීමට අසමත් වෙලා තිබෙන්නෙත් ඒකමයි. 2018න් පසු අඩුම අපනයන ආදායම වාර්තා වෙන්නේ 2023 දී. විදුලිය පැය 12ක් කපපු දින ගණන් ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් තිබුණු 2022ට වඩා ඩොලර් මිලියන 1,200කින් අඩු වෙලා. මේකට ප්‍රධානම හේතුව විදුලි බිල දරා ගන්න බැරිව කර්මාන්ත ශාලා වසා දැමීමයි කියලා අපට කියන්නේ මහ බැංකු වාර්තාවමයි.

වාර්තාවට අනුව ඒක පුද්ගල විදුලි පරිභෝජනය රට කළුවරේ තිබුණු 2022 දී ඒකක 655යි. නමුත් විදුලි කප්පාදුවක් නොතිබුණු 2023 දී 642 දක්වා පහත වැටිලා. හැබැයි විදුලි බල මණ්ඩලය නම් රුපියල් බිලියන 61ක් ලාභ ලබලා. කර්මාන්ත වසා දමලා රස්සාවල් නැති කරලා අපනයන කුඩු පට්ටම් කරලා ලබන ලාභය කුමැටැ කියලයි අපට විදුලි බල මණ්ඩලයෙන් අහන්න වෙන්නේ.

Latest News

More like this

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස 6ක සිර දඬුවමක්

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට බංගලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය...

ඇමරිකානු ගායක ෂෝන් ඩිඩී කෝම්බ්ස්ට වසර 20ක සිර දඬුවමක් නියම වන ලකුණු

ඇමරිකානු ගායකයෙකු වන ෂෝන් 'ඩිඩී' කෝම්බ්ස්ට එරෙහිව ගණිකා වෘත්තියට...
error: Content is protected !!