සාරාංශය:
ඔස්ට්රේලියාවේ ජාත්යන්තර සිසුන් සඳහා දැඩි කර ඇති Student Visa නීති සංශෝධනය කිරීමට Labor රජය සූදානම් වන බව වාර්තා වෙනවා. විශේෂයෙන් දකුණු ආසියානු සිසුන්ගේ මූල්ය සුදුසුකම් සහ වීසා අයදුම්පත් ඇගයීමේ ක්රමවේදය නැවත සමාලෝචනය කිරීමට නියමිතයි.
Summary:
Australia’s Labor government is reportedly preparing to review strict student visa rules, particularly financial requirements and application assessment processes for South Asian students. Proposed changes aim to maintain visa integrity while making it easier for genuine international students to study in Australia.
ඔස්ට්රේලියාවේ අධ්යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් සිටින දකුණු ආසියානු සිසුන්ට බලපාන වැදගත් වෙනසක් ඉදිරියේදී සිදුවිය හැකි ලකුණු පළවෙමින් තිබෙනවා. ඒ, ජාත්යන්තර සිසුන් සඳහා දැනට ක්රියාත්මක දැඩි Student Visa නීති නැවත සංශෝධනය කිරීමට Labor රජය සූදානම් වන බවට වාර්තා වීමත් සමඟයි.
(Lakvahini) – විශේෂයෙන්ම දකුණු ආසියානු රටවලින් ඔස්ට්රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන සිසුන්ගේ මූල්ය සුදුසුකම් සහ වීසා අයදුම්පත් ඇගයීමේ ක්රමවේදය නැවත සමාලෝචනය කිරීමට රජය අවධානය යොමු කර තිබෙනවා.
මේ වෙනසට පසුබිම් වී තිබෙන්නේ පසුගිය කාලයේ ඉහළ ගිය වීසා ප්රතික්ෂේප කිරීම්. 2024 වසරේ හඳුන්වා දුන් දැඩි පරීක්ෂණ ක්රමවේදයෙන් පසුව, පසුගිය මූල්ය වර්ෂයේදී Student Visa අයදුම්කරුවන්ගෙන් 24.2%කට වැඩි පිරිසකගේ අයදුම්පත් ප්රතික්ෂේප වී ඇති බව සඳහන්.
ඒ අතරින් නේපාලයෙන් ඉදිරිපත් කළ අයදුම්පත් 51%කට වැඩි ප්රමාණයක් සහ ඉන්දියාවෙන් ඉදිරිපත් කළ අයදුම්පත් 40%කට වැඩි ප්රමාණයක් ප්රතික්ෂේප වී තිබෙනවා.
නමුත් මෙතැනින් කතාව තවත් වැදගත් පැත්තකට යොමු වෙනවා. ඔස්ට්රේලියාවේ රජයේ විශ්වවිද්යාලවලට අලුතින් ඇතුළත් වන ජාත්යන්තර සිසුන් සංඛ්යාව මේ වසරේදී 18%කින් පමණ අඩුවනු ඇතැයි අපේක්ෂා කරනවා. එය ඉදිරි වසර තුන තුළ විශ්වවිද්යාල ආදායමට ඔස්ට්රේලියානු ඩොලර් බිලියන දෙකක පමණ බලපෑමක් ඇති කළ හැකි බවයි විශ්ලේෂකයන් පවසන්නේ.
ඒ අනුව, නව සංශෝධන යටතේ සිසුන්ගේ මූල්ය හැකියාව තහවුරු කිරීම සඳහා වඩාත් පැහැදිලි මාර්ගෝපදේශ හඳුන්වා දීමත්, පාඨමාලා ගාස්තු සහ ජීවන වියදම් සඳහා අවශ්ය මුදල් තැන්පත් කිරීමේ ක්රමයක් හඳුන්වා දීමත් සලකා බලමින් සිටිනවා.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්යාල සහ අධ්යාපන නියෝජිතයන් සමඟ නොවැම්බර් මාසයේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි Labor රජය පවසන්නේ.
කෙසේ වෙතත්, වීසා ක්රමයේ අක්රමිකතා වැළැක්වීම සඳහා පවත්වාගෙන යන දැඩි ප්රතිපත්තිය අත්හැරීමට රජය සූදානම් නැහැ. මෙහි ප්රධාන අරමුණ වන්නේ සැබෑ ජාත්යන්තර සිසුන්ට ඔස්ට්රේලියාවේ අධ්යාපනය ලැබීමට ඇති අවස්ථා අඩාල නොවන පරිදි නීති සංශෝධනය කිරීමයි.
#AustraliaStudentVisa #StudyInAustralia #InternationalStudents #AustraliaNews


