රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ථේරවාදී ආර්ථිකයක්.. රත්තරන් බිත්තර දාන කිකිළිගේ බඩ කැපුවා වගේ බොරු පොරොන්දු නැතිලු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වුණා.

එහි ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ පරිච්ඡේදය ‘ථේරවද වෙළඳ ආර්ථිකයක්’ ලෙසයි නම් කර ඇත්තේ.

අතීත ලංකාවේ රජරට රාජධානිය ආඪ්‍යව පැවති සමයේ මෙරට ක්‍රියාත්මක වූ ථේරවාද සංකල්පය පදනම් කරගත් ආර්ථික ක්‍රමය  ඉදිරි වසර පහක කාලය තුළ ක්‍රියාත්මක කරන බව එහි දැක්වෙනවා.

ඒ අනුව ධුරයට පත් වී මුල් අවුරුදු පහ තුළ ක්‍රියාත්මක කරන්නේ තායිලන්තයත් වියට්නාමයත් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තිය බව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වෙනවා.

“තායිලන්තය සහ වියට්නාමය වැල් පාලමේ ගමන සාර්ථක කර ගත්තා. අපේ ගමන සාර්ථක කර ගැනීම සඳහා දැන් අප මුල පුරා තියෙනවා”

“ඒ අනුව මින් ඉදිරියට රාජ්‍ය ගෙවීම්වල හිඟ මුදල් මාස තුනකට වඩා වැඩි කාලයක් රඳවාගෙන සිටීමට අවසර නෑ.

අයවැය හිඟය පියවීම සඳහා මහ බැංකුව මගින් මුදල් අච්චු ගැසීම සපුරා තහනම්.

විදුලි සහ ඉන්ධන මිල ඒ සඳහා වැය වන මුදල පදනම් කරගෙන තීරණය කළ යුතුයි.

විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ නම් වහාම හා සෘජුවම මහා භාණ්ඩාගාරය විසින් ඒ සඳහා මුදල් ලබාදිය යුතුයි.

සමාජ ආරක්ෂණය සඳහා වැය කරන මුදල නියමිත ප්‍රමාණයට වඩා අඩු නොකළ යුතුයි”

මෙම ඉලක්ක හා සීමාවන් ස්ථාවර බවත් ඒවා ගැන යළි සාකච්ඡා කිරීමට හෝ වෙනස් කර ගැනීමට ඉඩක් නොමැති බවත් ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් වෙනවා.

නිල ණය හිමියන් සහ චීනය ණය සහන ලබා දුන්නේ ඉහත දැක්වෙන සීමාවන්ට යටත්ව බවත් ඒ ඉලක්ක හා සීමා සපුරා ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය මෙන්ම ණය සහන සියල්ල අහිමිවන බවත් එහෙම වුනොත් අපට වැල් පාලමෙන් යළිත් අගාධයට වැටීමට සිදුවන බවත් එහි සඳහන්.

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබෙනවා.

“මැතිවරණ සමයේ බොහෝ දේශපාලන පක්ෂමය ඇත්ත වසං කර විවිධ පොරොන්දුව ඔබට දේවී. නමුත් ඒ කිසිවක් ප්‍රායෝගික නැහැ. ඒවා රත්තරන් බිත්තර දාන කිකිළිගේ බඩ කැපුවා වගේ වැඩ. මේ නිසයි බොහෝ අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ප්‍රසිද්ධ සාකච්ඡාවකට එන්න බැරි.”

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!