අනුර අද දිවුරුම් දෙයි

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන අවසන් නිවේදනය නියමිත වේලාවට ප්‍රකාශයට පත් කළහොත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා නව ජනාධිපතිවරයා ලෙස අද (22) දිනයේදී දිවුරුම් දිය හැකි බව පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

එහෙත් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් දිවුරුම් දෙන වේලාව ස්ථිර කළ නොහැකි බව ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

 “අවසන් නිවේදනය නියමිත වේලාවට ප්‍රකාශ කළහොත් දිවුරුම් දීම අද සිදු කළ හැකියි.”

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලය දී චාම් දිවුරුම් දීමේ උළෙලකින් දිවුරුම් දෙනු ඇතැ‍යි ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරන වීඩියෝවක් ද මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!