මාළිමාවේ සහයට රන්ජන් ගම්පහෙන් මැතිවරණයට..

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලානාත්මක චරිතයක් වන රන්ජන් රාමනායක මහතා අද (02) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කැඳවීමකට අනුවය.

හිටපු ජනාධිපතිවරයාගෙන් ජනාධිපති සමාව ලැබ සිර ගත ජීවිතයෙන් නිදහස් වී බාහිර සමාජයට පැමිණිය ද ඔහු තවමත් ගත කරන්නේ ඇතැම් අයිතිවාසිකම් කප්පාදු වූ ඇඟ බැඳ දැමූ තත්ත්වයක් තුළය.

ඊට හේතුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරගතව සිටියදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති සමාව ලබා දුන්නද ඔහුගේ ප්‍රජා අයිතිය යළි ලබා දීමට කටයුතු කර නොතිබීමයි.

ප්‍රජා අයිතිය අහෝසි වීම හේතුවෙන් රන්ජන් රාමනායක මහතාගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ගණනාවක් අහිමි වී ඇති අතර ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීමට, මැතිවරණ සඳහා ඉදිරිපත් වීම ඇතුළු අයිතීන් ගණනාවක් අහිමි කෙරුණා.

කෙසේ වෙතත් මේ වන බලයට පත්ව සිටින ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ වේදිකාවේ දී සඳහන් කළේ රන්ජන් රාමනායක වැනි චරිතයක් එවැනි එළිමහන් සිර කඳුවරක් තුළ සිරගත කළ චරිතයක් නොවිය යුතු බවයි.

ඔහුට සිය රජයක් තුළ පූර්ණ සමාව ලබා දීමට කටයුතු කරන බවයි.

රන්ජන් රාමනායක මහතා අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ ඔහු පැමිණියේ ඒ හා අදාල සාකච්ඡාවකට ද යන්න අප විසින් විමසනු ලැබුවා.

ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් ඔස්සේ වෙලාව වෙන් කරගෙන අද පැමිණියේ හිටපු ජනාධිපතිවරයා ලබා දුන් ජනාධිපති සමාවට අදාළ ලේඛන කිහිපයක් ලබා ගැනීමට බවයි.

ජනපතිවරයා අද රටවල් ගණනාවක තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු හමුවීමට වෙලාව වෙන් කර ගෙන තිබුණු බැවින් ඔහු හමුවීමට අවස්ථාවක් නොලැබුණද අදාළ සියලු ලේඛන තමන් වෙත ලබා දීමට කටයුතු සලසා තිබූ බව ඔහු කියා සිටියා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මාළිමාව යටතේ මෙවර මහ මැතිවරණයට තරග වදින්නේ දැයි කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා කොමසාරිස්වරයා සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළද තවම ඒ පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේවෙතත් අප වෙත වාර්තාවන තොරතුරුවලට අනුව ඒ මහතා මෙවරමහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වැදීමට සූදානම්ය.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!