රට පුරා කොවිඩ්-19 රෝගීන් නැවත ඇතිවීම මධ්‍යයේ ඕනෑම විභව වැඩිවීමකට ඵලදායී ප්‍රතිචාර දැක්වීම සඳහා ඇඳන්, ඔක්සිජන්, ඖෂධ සහ එන්නත් ලබා ගැනීම සහතික කරන ලෙස නවදිල්ලි රජය නගරයේ සියලුම රෝහල්වලින් ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍යවල මේ මොහොතේ ප්‍රමුඛතම පුවතයි.
මැයි 19 වන විට ඉන්දියාව සක්‍රීය කොවිඩ් රෝගීන් 257 ක් වාර්තා කළ අතර එය සතියක් තුළ(මැයි 12 සිට මැයි 19 දක්වා) රෝගීන් 164 ක වැඩිවීමකි. සංඛ්‍යා අඩු මට්ටමක හා බොහෝ රෝගීන් මෘදු ලක්ෂණ පෙන්නුම් කළ ද ඉන්දීය රජය එයට ලබා දී ඇති අවධානය ඉහළ මට්ටමක පවතී. ඊට හේතුව අතීත වසංගත අත්දැකීම් විය හැකි වන අතර හදිසියේ රෝගීන් පාලනයකින් තොරව ඉහළ ගියහොත් සෞඛ්‍ය අංශවල ධාරිතාවය එයට ඔරොත්තු දිය හැකි වන සේ ශක්තිමත් කිරීම විය හැකිය.
මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ පාලනය යටතේ එය තබා ගැනීමට දැඩ් කැපවීමකින් කටයුතු කරමින් සිටින්නේ එබැවින්ය. කලාපීයව පැතිර යන වේගයෙන් සම්ප්‍රේෂණය කළ හැකි JN.1 ප්‍රභේදයේ පැතිරීම පිළිබඳ ප්‍රවේශමෙන් කටයුතු කරන්නැයි එරට සෞඛ්‍ය විශේෂඥයින් ඉල්ලා සිටියි.
කේරළය, මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු සහ දිල්ලියේ මෑත කාලීන ඉහළ යාම අග්නිදිග ආසියාව පුරා පැතිර යන පුළුල් රටාවට සමපාත බව ඔවුන් හඳුනාගෙන තිබේ. ඉන්දියාවේ වෛරසය නැවත නැගී සිටීම ශ්‍රී ලංකාවට ද ප්‍රබල අනතුරු ඇඟවීමක් වන නමුත් මෙරට සෞඛ්‍ය අංශ තවමත් ඒ පිළිබඳ නිසි අවධානය යොමු කර ඇත්ද යන්න ගැටලුවකි.
අග්නිදිග ආසියාවේ සිංගප්පුරුව, තායිලන්තය, චීනය සහ හොංකොං ආශ්‍රිතව වෛරසය නැවත පැතිර යන බව අපද ඇතුළු මෙරට මාධ්‍ය වාර්තා කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය එහි ලේකම් අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ප්‍රභේදයේ ව්‍යාප්තියක් නොමැති බැවින් බියක් ඇති කර නොගත යුතු බව සඳහන් කළේය.
එම නිවේදනය ඔස්සේ ඔහු පෙන්වා දුන්නේ දැනට රෝගය පැතිර යන රටවල් එම තත්ත්වයට මුහුණ දීමට ඇති හැකියාව මත රෝගය පැතිර යනවා විය හැකි බවයි. එහි අනියමාර්ථ අර්ථය අප ඊට මුහුණ දීමට හොඳ හැකියාවක් ඇති බැවින් දැන්ම බියක් ඇති කර නොගත යුතු බවද?
එහෙත් සැබෑම තත්ත්වය නම් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි හෙළි කළ පරිදි මේ වන විටත් රෝහල්වල ඖෂධ වර්ග 40ක් හිඟය. ඊට අමතරව ඖෂධ 150ත් 180 ත් අතර ප්‍රමාණයක් ප්‍රධාන ගබඩාවේ හිඟ බව ද එය පසුගිය ආර්ථික අර්බුදයේ පටන් මෙරට පවතින සාමන්‍ය තත්ත්වය බවයි ඔහු කියා සිටියේ.
තවත් පසෙකින් චිකන් ගුන්යා, ඩෙංගු ඇතුළු වෛරස රෝග ගණනාවක්ද මේ වන ව්ට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ නිවේදනයට අනුව කොවිඩ්-19 සඳහා සායනික සාම්පල පරීක්ෂා කරනු ලබන ඒකාබද්ධ ශ්වසන ආවේක්ෂණය රටපුරා තෝරාගත් රෝහල්වල අඛණ්ඩව සිදු වෙමින් තිබේ. නමුත් එම පරීක්ෂණවලට සමාජයේ සියලුම අංශ ආවරණය වන පරිදි නියැදි ලබා ගැනීමකින් යුතුව පුළුල් ලෙස සිදුවන්නක්ද යන්න ගැටලුවකි.
රෝගය පිළිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නැති නමුත් රෝගය ඇතුළු වීමට පෙර අප දොර වසා ගත යුතුය. මුව ආවරණ පැළඳීම, නිතර අත් සේදීම, කිවිසුම් යන විට නාසය සහ මුඛ්‍ය ආවරණය කිරීම වැනි අවම ආරක්ෂණ පුරුදු අපට අමතකව ගොසින්ය. එම උපදෙස් පිළිපැදීමට නැවත දැනුම්වත් කිරීම ආරම්භ කිරීම මාධ්‍ය ආයතන මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද වගකීම වන්නේය.
අදාළ නිවේදනය නිකුත් කරමින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අංශ මඟින් ලබා දෙන තොරතුරුවලට පමණක් සීමා වන ලෙස දැනුම් දී තිබුණේය. එය සඳ පෙන්වූ විට ඇඟිල්ල දෙස බලනවා වැනි වැඩකි.
විශාල ව්‍යසනයක් ඇති කළ හැකි තත්ත්වයක් පිළිබඳ සැබෑ තතු වාර්තාකරණය යනු ආණ්ඩුව බිඳ වැටීමට කරන කුමන්ත්‍රණයක් නොවේ. එය එක් පසෙකින් ජනතාව දැනුම්වත් කිරීමකි. අනෙක් පැත්තෙන් ව්‍යසනයට පෙර එය කළමනාකරණය කර ගැනීම සඳහා බලධාරීන්ට කරන මඟ පෙන්වීමකි. ඉන්දියාව මේ වන විට කරමින් සිටීනේ එයයි.