චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ යුතු ස්ථානය තීරණය කිරීමෙන් ඔවුන් සයිබර්ග්වරුන් බවට පත් කිරීමේ ක්‍රමයක් චීන විද්‍යාඥයින් කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.

බීජිං තාක්ෂණ ආයතනයේ (BIT) මහාචාර්ය ෂාඕ ජිලියැං ප්‍රමුඛ කණ්ඩායම විසින් මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ ලොව සැහැල්ලුම කෘමි මොළ පාලකය නිර්මාණය කරමිනි. මෙම අධ්‍යයනය නොබෝදා ප්‍රකාශයට පත් කරනු ලැබුවේ චීන යාන්ත්‍රික ඉංජිනේරු සඟරාවේය.

එය මී මැස්සෙකුගේ පිටුපසට බැඳිය හැකි ඉතා කුඩා උපකරණයක් වන අතර මිලිග්‍රෑම් 74 ක බරින් යුක්තය. මෙම උපාංගය සාමාන්‍යයෙන් මී මැස්සන් රැගෙන යන මල් පැණි මල්ලක් තරම් සැහැල්ලු බව විද්‍යාඥයින් කණ්ඩායම පවසා තිබෙනවා.

එය ඉඳිකටු තුනකින් කෘමියාගේ මොළයට සම්බන්ධ වන අතර විද්‍යුත් ස්පන්දන භාවිතයෙන් දිශානුගත විධාන අනුගමනය කිරීමට සලස්වනවා.

පරීක්ෂණ අතරතුර, මී මැස්සා 10 වතාවකින් නව වතාවක් විධානවලට කීකරු වූ බවයි සඳහන් වන්නේ.

කොටසක් කෘමීන් සහ කොටසක් යන්ත්‍ර ලෙස සැලකෙන මෙම මී මැස්සන් හමුදා ඔත්තුකරුවන් ලෙස හෝ භූමිකම්පා, නායයෑම් වැනි ස්වාභාවික විපතකින් පසු දිවි ගලවා ගත් අය සෙවීමට යොදා ගත හැකිය. නාගරික සටන්, ත්‍රස්ත විරෝධී සහ මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේදී ඔත්තු බැලීම සඳහා ද මෙම උපකරණය භාවිතා කළ හැකිය.

මෙයට පෙර, සැහැල්ලුම සයිබර්ග් පාලකය සිංගප්පූරුවේ සංවර්ධනය කරන ලද අතර එය මෙම උපාංගයේ බර මෙන් තුන් ගුණයක බරින් යුක්ත වුණා. එය කුරුමිණියන් සහ කැරපොත්තන් වැනි කෘමීන් සඳහා භාවිතා කළ හැකි ලෙසයි සකස් වී තිබුණේ. කෙසේ වෙතත්, මී මැස්සන් මෙන් නොව, ඔවුන් මන්දගාමී වේගයකින් ගමන් කළ අතර ප්‍රමාණවත් විඳදරාගැනීමක් නොතිබූ බව සඳහන්ය.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...