ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක් අහිමි කළ චීන පොහොර තොගය ගැන පරීක්ෂණ අවුරුදු තුනක් තිස්සේ යට ගහන්නේ කවුද?

2021 දී චීන සමාගමකින් ආනයනය කරන ලද ජෛව පොහොර තොගයක් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක් අහිමි වී ඇති බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දී වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) මේ සම්බන්ධයෙන් තවමත් විධිමත් පරීක්ෂණ ආරම්භ කර නොමැති වීම පිළිබඳ පාර්ශව ගණනාවක් බරපතල කණස්සල්ල පළ කරයි.

ජෛව පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු චීනයේ Qingdao Seawin Biotech Group Ltd වෙත වන්දි වශයෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවා ඇත.

ශ්‍රී ලංකාවට වන්දි ගෙවීමට සිදුවූයේ ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ සිදු වූ ගණුදෙනුවට අදාළ ණයවර ලිපි සහ කාර්ය සාධන බැඳුම්කර කල් ඉකුත්වීමකින් තොරව තබා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වීම හේතුවෙනි.

විගණකාධිපතිවරයාගේ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, තවමත් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැත.

විපක්‍ෂයේ මහනුවර දිස්‌ත්‍රික්‌ සමගි ජනබලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල පැවසුවේ ආන්දෝලනාත්මක ගණුදෙනුවට වගකිවයුත්තන් නීතියේ රැහැනට හසුකර ගැනීමට රජය අපොහොසත් වීම බරපතළ කනස්සල්ලට කරුණක් බවයි.

මෙම ගණුදෙනුව කරගෙන යාමේදී කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය, සීමාසහිත Colombo Commercial Fertilizers Ltd සහ Ceylon Fertilizer Ltd යන ආයතනවල රාජකාරි පැහැර හැරීමක් සිදුවී ඇති බව විගණකාධිපතිවරයා සිය වාර්තාවේ පැහැදිලිව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විමසූ විට කෝප් කමිටු සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ වාර්තාව කෝප් කමිටුවට ඉදිරිපත් කර ඇති අතර තමන් එම පරීක්ෂණය ගැන සොයා බලන බවයි.

මේ අතර, අහිමි වූ මුදල නැවත ලබාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ කටයුතු ආරම්භ කරන බව මීට පෙර ප්‍රකාශ කළ කෘෂිකර්ම අමාත්‍යාංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් මෙතෙක් නිසි ලෙස පත් කර නොමැති බව ද වාර්තා වේ.

ඉහළ නිලධාරියෙකු පැවසුවේ කමිටුවක් යෝජනා කර ඇති නමුත් එහි සේවය කිරීමට තෝරාගත් එක් සාමාජිකයෙකු නොදන්නා හේතූන් මත සම්බන්ධ වීමට අකමැති වූ බවයි.

Latest News

More like this

ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට...

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම...

ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි...

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක්...