ශ්‍රී ලංකන් මිලදී ගැනීමට ආ සමාගම් හයක් අතරින් තුනක් ඉදිරි වටයට

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන පුද්ගලික ව්‍යවසාය ක්ෂේත්‍රයන් ගෙන් ලංසු කැඳවීමේ ක්‍රියාවලියේ දෙවන අදියරට රජය පැමිණ ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ගුවන් සේවය මිලදී ගැනීම සඳහා අභිලාෂය පළ කළ සමාගම් හයක් අතරින් තුනක් දෙවන වටය සඳහා ප්‍රමුඛ අපේක්ෂකයින් තිදෙනෙක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව Sherisha/Supreme Global Consortium, Air Asia Consulting සහ Hayleys PLC යන සමාගම් ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා වන තරඟය තුළ ඉදිරියට පැමිණ තිබෙනවා.

දිගින් දිගටම පාඩු ලබමින් රජයේ මූල්‍ය අනුග්‍රාහයෙන් ඉතා අසීරු තත්ත්වයෙන් පවත්වාගෙන ආ මෙරට ජාතික ගුවන් සේවය තවදුරටත් රජය මගින් නඩත්තු කිරීමට නොහැකි වාතාවරණයකට මුහුණ දී ඇති අවස්ථාවක එහි ප්‍රගමනය හා රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම පිණිස රජය විසින් පුද්ගලික අභිලාෂකරුවන්ගෙන් මෙම ගුවන් සේවය ඉදිරියට පවත්වාගෙන යාමට ලංසු කැඳවනු ලැබුවා.

මෙම තීරණය වර්තමානයේ ඉතා දුෂ්කර තත්ත්වයකින් මෙන්ම කිසිදු අනාගත සැලසුමකින් තොරව එදිනෙදා වියදම් පිරිමසාගනිමින් පවත්වාගෙන යන මේ රටේ ජාතික ගුවන් සේවයේ පුනර්ජීවනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි.

Latest News

More like this

AliExpress සහ පාර්සල් ආනයනය නැවැත්වීම ගැන චතුරංගගෙන් පැහැදිලි කිරීමක්

AliExpress සහ අනෙකුත් මාර්ගගත පාර්සල් ආනයන සඳහා රජය නව...

ස්ටාර්ලින්ක් දැන් ලංකාවේ.. මස්ක්ගෙන් පණිවිඩයක්

කෝටිපති ව්‍යවසායකයෙකු වන ඊලොන් මස්ක්ගේ චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවාව...

සියෙරා කේබල්ස් පීඑල්සී නව සභාපති ධුරය ඉෂාර නානායක්කාරට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයෙකු වන LOLC සමූහයේ උප සභාපති...

ඉෂාර නානායක්කාරට හිමි HNB 10% ක කොටස් ලංවා අධිපති නන්දන ලොකු විතාන මිලදී ගැනීමෙන් කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී මංසළකුණක් සනිටුහන් කරමින් ඊයේ...
error: Content is protected !!