අපේ සෙනඟට කොළඹ ඉඩ මදි.. – ජාතික ජන බලවේගයෙන් මැයි රැළි හතරක්

ජාතික ජන බලවේගයේ මැයි දින රැළියට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටින විශාල ජනකායකට ඊට අවස්ථාව සලසමින් මෙවර ජාතික ජන බලවේගයේ මැයි දින රැළි හතරක් රටම ආවරණය වන පරිදි තෝරා ගත් ප්‍රධාන දිස්ත්‍රික්ක හතරක දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඒ අනුව “රට හදන විසඳුමට-ජන බලය එක පෙළට” යන තේමාවෙන් ජාතික ජන බලවේගයේ මැයි රැළි යාපනය, අනුරාධපුරය, කොළඹ හා මාතර යන නගරවලදී පැවැත්වීමට නියමිතයි.

දැවැන්ත ජන බලයක් නිර්මාණය කර ගනිමින් රට බංකොලොත් කළ අගාධයට ගෙන ගිය දුෂ්ඨ පාලනය අවසන් කිරීම මැයි දිනයේ ප්‍රධානම අරමුණ බව ඒ මහතා සඳහන් කරනවා.

එම අරමුණ වෙනුවෙන් ඒකරාශී වීමට බලාගෙන සිටින මුළු රට පුරා පෙළ ගැසී සිටින ජනතාව කොළඹට ගෙන ඒම දුෂ්කර කාර්යයක් බවයි ටිල්වින් සිල්වා මහතා පවසන්නේ.

සෑම ක්ෂේත්‍රයක්ම පිරිහී ඇති සමාජයක යුක්ති ගරුක සාධාරණ මිනිසුන්ට බලා සිටීමට නොහැකි බැවින් වැඩ කරන ජනතාව ඇතුළු සියලු බලවේග මෙම ක්‍රමය වෙනස් කර ගැනීම සඳහා එක් වනු ඇතැයි සඳහන් කළ ලේකම්වරයා, මැයි දිනයේ සැබෑ අර්ථය කෙළසන ලද පාලක කණ්ඩායම්වලට මැයි දිනය කෙළෙසීමට තව දුරටත් ඉඩ නොතබමින් එක් වන ලෙස ද සඳහන් කළා.

Latest News

More like this

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...

තලෙයිබාන් ක්‍රමයට ඇමරිකාවට පණිවිඩයක්

තලෙයිබාන් සංවිධානය පාලනය කරනු ලබන ඇෆ්ගනිස්තානයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය...

ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමේ…

එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන් තොටුපළ නැවත දැනුම් දෙන...

2026 ජනවාරි 01වැනිදා සිට පාසල්වල නව පෙරළියක්

2026 ජනවාරි 01 දා සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය...
error: Content is protected !!