ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයකුගේ නම බ්‍රිතාන්‍ය වර්ජිනියා දූපත්වල මුදල් ආයෝජනය කර ඇති බව පැන්ඩෝරා පත්‍රිකා නවතම නිකුතුවෙන් හෙළි කර තිබේ.
ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස් 2017 ජූලි මාසයේ සිට Banham Ventures Limited සහ Brompton Properties හි හිමිකරු සහ අධ්‍යක්ෂවරයා ලෙස ලැයිස්තුගත කර ඇතැයි එහි සඳහන් වේ.
මෙම පුවත සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු ප්‍රශ්ණ කර ඇත්තේ අදාළ වාර්තාවේ ලැයිස්තුගත කර ඇති එකම නම තමාගේද යන්නයි. තම නම තනිකර පැවසීම තමාගේ කීර්තිනාමයට කැළැලක් ඇති කිරීමේ නිහීන උත්සාහයක් බවද ඔහු පවසා තිබේ.
කෙසේ වෙතත්, තමා “යුරෝපීය දූපතක” ආයෝජන කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් අගෝස්තු 15දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කළේය.
ටිරාන් අලස් හැරුණු කොට, තවත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුගේ නම් නවතම පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් වෙතත්, ඔවුන් ජනප්‍රිය පුද්ගලයන් නොවන බව පැවසේ.
මීට වසර දෙකකට පෙර, 2021 වසරේ නොවැම්බරයේ දී ද පැන්ඩෝරා පත්‍රිකා මගින් මෙරට ප්‍රබල දේශපාලන චරිත කිහිපයක් පිළිබදව හෙළිදරව් කර තිබුණි.
ඔවුන් අතර, නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියාවන තිරුකුමාර් නඩේසන් යන අයගේ නම් සදහන් වූ අතර, ඒ පිළිබදව විමර්ශනය කොට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස එවකට ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුනද, එකී වාර්තාවට සිදු වූවේ කුමක්ද යන්න මෙතෙක් වාර්තා වී නැත.
Links to the pandora papers:
https://offshoreleaks.icij.org/nodes/240552449
https://offshoreleaks.icij.org/nodes/240550426
– Island