බෑවුමක නතර කළ තමාගේම ප්‍රාඩෝ රථයට බිළි වූ ව්‍යාපාරිකයා

තමාගේ ප්‍රාඩෝ වර්ගයේ රථයට යටවී බියගම සියඹලාපේ ගලහිටියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මියගොස් තිබෙනවා.

ඔහුට අයත් ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ වර්ගයේ රථය ඔහු විසින්ම පදවාගෙන විත් නිවස ඉදිරිපිට බෑවුම් ප්‍රදේශයක නවත්වා රථය පණ ගන්වා රථයෙන් බැස ඉදිරියට ගොස් ඇති අතර අත් තිරිංග නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා පහළට පැමිණි රථය ඔහු යටකරගෙන ඉදිරියට ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාපේ දකුණ ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයකු වූ ගීතරත්නගේ සුදත් විජේන්ද්‍ර (57) නමැති තිදරු පියෙක් බව සපුගස්කන්ද පොලිසිය පවසනවා.

එම අවස්ථාවේ අසල්වාසීන් ඔහු බියගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ව්‍යාපාරිකයා මියගොස් සිටි බව සඳහන්.

මෙම රථය කාර්මික දෝෂයක් හේතුවෙන් ඉදිරියට ඇදී ආවේද? එසේ නොමැති නම් වෙනත් හේතුවක් මත රථය ඉදිරියට ඇදී ආවේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව පවසා තිබෙනවා..

Latest News

More like this

වසර හතරකදී කෝටි හයක් ගිණුම් තුනකට… යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

සිය වත්කම්වලින් උපයා ගත නොහැකි රුපියල් කෝටි හයකට ආසන්න...

ශ්‍රී ලංකන් අක්‍රමිකතා සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය කාලයේදී සිදුවී ඇති වංචා...

අගෝස්තු 02වැනිදා ෂාරුක් ඛාන් කොළඹ සිහින නගරයට පැමිණීම තහවුරු කරයි

“බොලිවුඩයේ කින්ග් ඛාන්”ලෙස ජනප්‍රිය ෂාරුක් ඛාන් 2025 අගෝස්තු 2...

පරිපාලනයක් නැතිව ජාතික රෝහල ලෙඩ වෙයි.. හදවත් රෝගීන්‍ට ලක්ෂයක බේත් පිටින් ගේන්න කියයි

කොළඹ ජාතික රෝහලේ සැත්කම් නියම කරනු ලබන හෘද රෝගීන්ට...
error: Content is protected !!