රංගන සියත TV නාළිකාව සමඟ එක්වේ..

රංගන ද සිල්වා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් දන්න කියන දක්ෂ මාධ්‍යවේදියෙක්.
ඔහු මේ වෙනකොට ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වුණ එක ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

රංගන මේ වෙනකොට තමන්ගේම වැඩක් පටන් ගෙන.

ඒ තමන්ගේ නමින් යුටියුබ් නාලිකාවක්.

ඔහු ඒ යූටියුබ් නාලිකාවෙන් මෙවර නත්තල වෙනුවෙන් කලා තරු පිරිවරාගෙන අලුත් වැඩක් කළා. ඒ වැඩේ අතිශය සාර්ථක වුණා.

අලුත් අවුරුද්දේ රංගන හා හා පුරා කියලා තවත් අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. ඒ Cafe R කියන වැඩසටහන.

ඒ අතරේ රංගන තවත් අලුත් වැඩක් පටන් අරන්. ඒ තනියම නෙවෙයි. ඒ සුදේව හෙට්ටිආරච්චි එක්ක.

රංගන විසින් තම යූටියුබ් නාළිකාවේ දේශපාලනමය වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒ වැඩසටහන මෙහෙයවන්නේ සුදේවයි.

ඉතින් ඔය වැඩ ගොන්න කරන ගමන් හා හා පුරා කියලා ආදරවන්තයින්ගේ දිනයටත් රංගන අලුත් වැඩක් පටන් ගත්තා.

ඒ වැඩෙත් අති සාර්ථක වුණා.

රංගන ද සිල්වා එළැඹෙන සතියේ සිට සියත TV නාළිකාව සමඟ එක්වන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

සියත නාලිකාවේ උදෑසන පත්තර වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා එළැඹෙන සතියේ සිට ඔහු එක්වනු ඇති බවත් පසුව නළු නිලියන් සමග පවත්වන චැට් වැඩසටහනක්ද ඔහු භාරගනු ඇති බවත් වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...