රාමසාන් යනු වත්මන් දූෂිත සමාජයට මනුෂ්‍යත්වය සහ ආත්ම පරිත්‍යාගය මතක් කිරීමේ උත්සහයක් – අනුරගෙන් මුස්ලිම්වරුන්ට පණිවිඩයක්

රාමසාන් චාරිත්‍ර වාරිත්‍ර යනු වර්තමාන දූෂිත සමාජ ක්‍රමය විසින් මිනිසුන්ගෙන් බලහත්කාරයෙන් ඈත් කර ඇති මනුෂ්‍යත්වයේ සහ ආත්ම පරිත්‍යාගයේ ගුණාංග සිහිපත් කිරීමේ උත්සාහයක් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අදට (10) යෙදී ඇති රාමසාන් දිනය වෙනුවෙන් සුබ පතමින් එම අදහස් එක් කළ ඔහු එම උත්සවය සමරන ශ්‍රී ලාංකීය මුස්ලිම් බැතිමතුන් වෙත ජාතික ජන බලයේ සුභ පැතුම් එක් කිරීමට කටයුතු කර තිබෙනවා.

“රාමසාන් උත්සවයේ අරමුණ වන්නේ එදිනෙදා ජීවිතයේ දුෂ්කරතා ඉවසීමෙන් මාසයක් උපවාසයේ යෙදීමෙන් ඉතිරි වන ධනය අපගේ සහෝදර ජනතාවට උපකාර කිරීම සඳහා යෙදවීමයි.

වසර හැත්තෑ හයක දූෂිත දේශපාලනයෙන් රටත් ජනතාවත් ඇද දමා ඇති ආර්ථික හා සමාජීය ව්‍යසනය අපි දකිමින් සිටිමු. කෑදර දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ජාතිවාදය හා ආගම් මත පදනම්ව මිනිසුන් බෙදීමේ දුෂ්ට ප්‍රවණතා සහ ඒ සඳහා භූමිය ලෙයින් තෙත් කර ඇති ආකාරය අපි අත්විඳ තිබෙනවා.

එසේ වුවද, සමාජය දැනුවත්ව මෙම දූෂිත හා කෑදරකම ප්‍රතික්ෂේප කිරීම සතුටට කරුණක්” බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...