සෞඛ්‍ය සේවයේ ඔළුගෙඩි සහ ප්‍රතිපත්තිවල තීරණාත්මක වෙනස්කම් කිහිපයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සහ පුද්ගලයන් සම්බන්ධයෙන් තීරණාත්මක සහ කාලෝචිත වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට තමන් අපේක්ෂා කරන බව නව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.

“අපි දන්නා පරිදි, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය මෑත කාලීන ආර්ථික අර්බුදය විසින් අවුලුවන ලද අභියෝග රාශියකට මුහුණ දෙමින් ඉන්නවා. ගැටළු කිහිපයක් විසඳා ඇතත්, විසඳිය යුතු බොහෝ දේ තිබෙනවා. ඒ නිසා ඒ දේවල් පිළිවෙලට කර ගැනීමට සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා”යයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“අවශ්‍ය පරිදි ක්ෂේත්‍රයේ අදාළ වෙනස්කම් කිරීමට මම අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. ඒ අනුව දීර්ඝ කාලීනව ව්‍යුහාත්මක සහ පුද්ගල වෙනස්කම් දෙකම සිදු කෙරෙනු ඇති”බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ ඖෂධ සඳහා අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ට වන්දි ලබාදීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි විමසූ විට අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම සිද්ධීන් පිළිබඳව අධ්‍යයනය කිරීමට තමන්ට සුළු කාලයක් අවශ්‍ය බවයි.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයට අභියෝගයක් වී ඇති සෑම කරුණක් පිළිබඳවම අවධානය යොමු කර ඒ අනුව ප්‍රතිකර්ම ගන්නා බවට මම සහතික වෙනවා,” වෛද්‍ය පතිරණ වැඩිදුරටත් පැවසීය.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...