වසර 10 කට පසු IPL කිරුළ කොල්කටා නයිට් රයිඩරස් දිනා ගනී

වසර 10කට පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.

චෙන්නායි නුවරදී ඊයේ (26) රාත්‍රියේ පැවති පැවති තරගාවලියේ අවසන් තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල කඩුලු 8කින් පරාජය කරමින් අයි.පී.එල් තුන්වන ශූරතාව දිනා ගැනීමට කොල්කටා නයිට් රයිඩරස් පිළ සමත් වුණා.

අවසන් වරට 2014 වසරේ ශූරතාව දිනාගත් කොල්කටා පිල පළමු ශූරතාව දිනා ගනු ලැබුවේ 2012 වසරේ දීයි.

2021 වසරේ අවසන් තරගයට පිවිසියත් චෙන්නායි පිල හමුවේ පරාජය වීමෙන් අනුශූරතාවයෙන් සෑහීමට ඔවුන්ට සිදු වුණා.

මෙවර ශූරයන් වූ කොල්කටා පිලට ඉන්දීය රුපියල් කෝටි 20ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 72ක්) හිමි වූ අතර, අනුශූර හයිද්‍රාබාද් පිලට රුපියල් කෝටි 13ක් හිමි වූ බවයි වාර්තා වන්නේ.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් පිල ඕවර 18.3කදී ලකුණු 113කට දවාගත් කොල්කටා පිල පන්දු 57ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.

හයිද්‍රාබාද් ඉනිම වාර්තා අතරට එක් වූයේ අයිපීඑල් අවසන් තරගයකදී කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.

මෙවර තරගාවලියේ සාර්ථකම කණ්ඩායම බවට පත්වූ කොල්කටා පිල මූලික වටයේදී තරග 14කින් 9ක් ජය ගැනීමට සමත් වූ අතර, පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් ද හයිද්‍රාබාද් පිල පරාජය කරමින් අවසන් තරගයට එක්ව සිටියා.

මෙවර තරගාවලියේ හමුවූ අවස්ථා තුනේදීම හයිද්‍රාබාද් පිල පරාජය කිරීමට කොල්කටා පිල සමත්වීම විශේෂත්වයකි.

Latest News

More like this

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වන වාර්ෂික මහා සභා...

‘කෝලි’ දෙයියන්ගේ දෙපා නමස්කාර කර දවසක් හිරේට ගිය පකීරා

රිතුපාන්රෝ පකීරා (Rituparno Pakhira) යනු පසුගිය සෙනසුරාදා ඉන්දීය ප්‍රිමියලීග්...
error: Content is protected !!